මෙදින පෙරවරුවේ මෙම වැඩසටහන සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ න්‍යායාත්මක වැඩසටහනක් සහ සවස්වරුවේ ආයතන පරිශ්‍රයේදී ගෙවත්තක් සැලසුම් කිරීම හා පවත්වා ගෙන යාම පිළිබඳ ප්‍රායෝගික දැනුවත් කිරීමක් ද යහපත් ආහාර පරිභෝජනය පිළිබඳ දැනුවත් කිරීමක් ද සිදු කරන බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
මෙම වැඩසටහනට සමගාමීව මෙදින පෙරවරු 9ට ගම්පහ නගර සභාවේද සහය ඇතිව වනරෝපා - 2017 රුක්රෝපණ වැඩසටහනක් ද දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ප්‍රදේශයේ පාර්ලිමේන්තු හා පළාත් සභා ජනතා නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
dmu-gampaha