මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවේ අධ්‍යාපනය - සයිබර් අවකාශයට

    ඔක්තෝබර් 11, 2017
    සබරගමුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය පසුගියදා පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා විසින් සයිබර් අවකාශය වෙත මුදාහරිනු  ලැබීය.
     
    www.edudept.sg.gov.lk  යන වෙබ් ලිපිනය  ඔස්සේ මෙම වෙබ් අඩවියට ප්‍රවේශ විය හැකිය.
     
    මෙමගින් පාසැල් ශිෂ්‍ය ප්‍රජාවට පෙළ පොත්  ආශ්‍රිත ව පාසැල් පද්ධති මගින් ලබාදෙන අධ්‍යාපනය මෙන්ම වෙනත් විෂය ක්ෂේත්‍රයන් ද හැදෑරීමට අවස්ථාව උදාවේ. එමෙන්ම සබරගමුවේ ගුරු ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යාපනික, සමාජීය, කලා ඇතුළු ක්ෂේත්‍රයන්වලට අදාළ නිර්මාණ මේ සඳහා එක්කළ හැකිවීම විශේෂත්වයකි.
     
    රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පළාත් සභාව යටතේ පාසැල් 1100 ද රජය යටතේ ක්‍රියාත්මක ජාතික පාසැල් 28 ද ඇත. මෙම පාසැල් පද්ධතිවල  පරිපාලනමය කටයුතු  ද මෙම වෙබ් අඩවිය මගින්  ක්‍රියාවට නැංවීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
    සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන ත්‍රෛ භාෂාවලින් මෙය ක්‍රියාත්මකය. මෙම වෙබ් අඩවියේ සියලු නිර්මාණ සහ යාවත්කාලීන කටයුතු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරයි.
     
    ඒ සඳහා එම දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් භාවිතා කර ඇත. එහෙයින් මේ සඳහා  සබරගමුව පළාත් සභාව අමතර පිරිවැයක් දරා නොමැත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya