සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ආසියනු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසද රැස්වීම

    ඔක්තෝබර් 09, 2017
    ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ආසියනු පාර්ලිමෙන්තු මන්ත්‍රී සංසදයේ 12 වෙනි මහ සභා රැස්වීම පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
     
    ආසියානු රටවල් 30කින් පැමිණි මහජන නියෝජිතයින් 70ක් හා ශ්‍රී ලංකාවේ මැති ඇමැතිවරුන් 20 දෙනෙකුට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
     
    මෙම මහ සභා රැස්වීමේදී සාමාජික රටවල ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත හා දැනට ක්‍රියාත්මක කර ඇති නව අන පනත් පිළිබඳ ඒ ඒ රටවල නියෝජිතයින් විසින් මහ සභාව දැණුවත් කිරීම සිදු කෙරේ.
     
    මීට අමතරව මෙම සමුළුවේදී ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, වැඩිහිටි ජනතාව රටක සංවර්ධනයට දායක කර ගැනීම, තාරුණ්‍යය ආයෝජනය වැනි කරුණු පිළිබඳවද වැඩි අවධානයක් යොමු කරනු ඇත.
     
    සංවර්ධනය හා ජනගහනය පිළිබඳ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ මූලිකත්වයෙන් සමාජ සවිබලගැන්වීම් සුබසාධන හා කඳුරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය මෙම සමුළුව සංවිධානය කොට තිබුණි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya