සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට

    ඔක්තෝබර් 08, 2017
    වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ලබා දෙන ලද මූල්‍යමය දායකත්වය මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 02 ක් හම්බෙගමුව ප්‍රදේශයේදී ජනතා අයිතියට පත් කෙරිණි.‍ 
     
    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හඳුන්වා දිය හැක.
     
    ඒ අනුව හම්බෙගමුව, කුකුල්කටුව ගම්මානය සහ මොනරාගල, නාලන්දා කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපනය කරන ලද මෙම ජල පිරිපහදු යන්ත්‍ර විවෘත කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ ආරාධනය පරිදි ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂක (ඌව) ඒජී ජගත් පුෂ්පකුමාර මහතා සහභාගි විය. 
     
    කුකුල්කටුව ගම්මානයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් ප්‍රදේශයේ පවුල් 280 ක් සඳහා පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකි වනු ඇති අතර, නාලන්දා කනිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ දරු දැරියන් 150 දෙනෙකුට සහ අවට ගම්මානයේ පවුල් 220 ක් සඳහා පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකියාව ලැබී ඇත.
     
    එමෙන්ම, මේ දක්වා ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍ර 277 මගින් පවුල් 123,609 කට සහ පාසැල් දරු දැරියන් 89,687 කට අධික පිරිසකට පිරිසිදු පානීය ජලය ලබා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස් කරුවෙකු වන නාවික හමුදාව, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කරමින් සිටී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya