අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් අපනයන ආදායම ඉහළට

    ජූලි 07, 2014

    ශ්‍රී ලංකාව තුළ පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදනයන්ගේ ඉහළ වර්ධනයක් පසුගිය මාස තුන තුළ (ජනවාරි-මාර්තු)  දක්නට ඇති බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

     

    ඒ අනුව 2013 වසරේ මුල් මාස තුන තුළ (ජනවාරි-මාර්තු)  පොල් මද ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ලෙස 3127.14ක් උපයනු ලැබූවත් එය 2014 වසරේ  මුල් මාස තුන වන විට රුපියල් මිලියන 7424.65 ගෙන ඇත. වසර දෙක තුළ මුල් මාස තුනේදී සාපේක්ෂව 138%ක ඉහළ ප්‍රතිශතයක් ඒ අනුව පොල් මද ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් හිමි වී ඇත.

     

    කොහු ආශ්‍රිත නිෂ්පාදනවල 2013 වසරේ මුල් මාස තුන තුළ අපනයන ආදායම 1076.47ක් වූ අතර, එය 2014 මුල් මාස තුන තුළ 1724.85ක් ගෙන ඇත. එහි ප්‍රතිශතාත්මක අගය 60%කින් ඉහළ යාමකි.

     

    පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන තුළින් 2013 වසරේ මුල් මාස තුන තුළ අපනයන ආදායම ලෙස රුපියල් මිලියන 2072.74ක් හිමි වූ අතර, එය 2014 වසරේ මුල් මාස තුන තුළ රුපියල් මිලියන 2650.54කි. එහි වර්ධනය 28%කි.

     

    නිමකරන ලද කොහු නිෂ්පාදන තුළින් අපනයන ආදායම ලෙස 2013 වසරේ මුල් මාස තුන තුළ රුපියල් මිලියන 3348.82ක් ද 2014 මුල් මාස තුන තුළ රුපියල් මිලියන 4939.42ක් ද ලෙස අපනයන ආදායමක් ලබාගන්නා ලද අතර, එහි වර්ධනාත්මක ප්‍රතිශතය 47%කි.

     

    පොල් ආශ්‍රිත වෙනත් නිෂ්පාදන අපනයනය තුළින් 2013 වසරේ මුල් මාස තුන තුළ රුපියල් මිලියන 65.79ක් හිමිව ඇති අතර, එය 2014 වර්ෂයේ මුල් මාස තුන තුළ රුපියල් මිලියන 125.03ක් අපනය ආදායම ලෙස ජාතික ආදායමට එක්ව ඇත. එය 90%ක ප්‍රතිශතාත්මක ලෙස ඉහළ යාමකි.


    සමස්තයක් ලෙස බලන කළ ශ්‍රී ලංකාවේ ජාතික ආදායමට 2013 වර්ෂයේ මුල් මාස තුන තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කිරීම තුළින් රුපියල් මිලියන 9690.96ක ආදාමක් එක් කරනු ලැබූවත්, එය 2014 වර්ෂයේ මුල් මාස තුන තුළ 16864.49ක් ලෙස ඉහළ අගයක පෙන්නුම් කෙරේ. එහි ප්‍රතිශතමය අගය 74%කි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya