අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුමෙන් පොලොන්නරුවේ 85 දෙනෙකුට සුළු කර්මාන්ත සඳහා උපකරණ

    ජූලි 07, 2014

    දිවි නැඟුම වැඩසටහනේ පස්වන අදියර යටතේ පොලොන්නරුව, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා තෝරා ගත් ප්‍රතිලාභීන් 85 දෙනෙකු සඳහා උපකරණ ප්‍රදානය කිරීම ඊයේ (06) පොලොන්නරුව නව නගරයේ ධවල මන්දිරයේ දී පැවැත්විණි.

    ඉඩම් හා ඉඩම් සවංර්ධන අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණි.

    ගෘහ ආර්ථිකය නැංවීම සඳහා ඔවුන් විසින් දැනට කර ගෙන යනු ලබන සුළු කර්මාන්ත සඳහා අවශ්‍ය උපකරණ මෙසේ බෙදා දෙන ලදී. මේ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් රුපියල් ලක්ෂ 05ක පමණ පිරිවැයක් දරා ඇත. කෘෂිකාර්මික, ධීවර, සත්ත්ව පාලන සහ ගෘහස්ත ව්‍යාපාර යන අංශ සඳහා මෙම උපකරණ බෙදා දුනි.

    මේ අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ ධීවර, සත්ත්ව නිෂ්පාදන හා කෘෂිකර්ම අමාත්‍ය පුංචිබණ්ඩා රත්නායක, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් ඊ.පී.ඩී.එස්. ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya