සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ පැල්පත්වාසීන්ට නිවාස 50,000ක් - ඇමති චම්පික රණවක

    ඔක්තෝබර් 04, 2017
    ලබන වසරේදී නාගරික නිවාස සංවර්ධනය අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොරොන්දු වී තිබෙන බවත් අමාත්‍යවරයා කීය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බොරැල්ල ලෙස්ලි රණගල මාර්ගය ප‍්‍රතිසංවර්ධනය කර ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක් වෙමිනි. මහානගර සංවර්ධන සැලැසුමට අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් ලක්‍ෂ 540 ක වියදමින් මෙම මාර්ගය ප‍්‍රතිසංවර්ධනය කරන ලදි.
     
    "බොරැල්ල ප‍්‍රදේශය ඉතාම ජනාකීර්ණ ප‍්‍රදේශයක්. මේ ප‍්‍රදේශය පසුගිය කාලය පුරාම විධිමත් සංවර්ධනයකට හසු වූනේ නැහැ. වනාතමුල්ලේ ලිපිනය වෙනස් කරන්න අපි මේ වන විට කටයුතු කරගෙන යනවා. පළමු පියවර ලෙස වෘත්තීයවේදී නගරයක් ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කළා. එතන නිවාස 600 කට අධික ප‍්‍රමාණයක් තව වසර එකහමාරකින් පමණ ඉදිවෙනවා. එමගින් බොරැල්ලට රටේ වෛද්‍යවරු, ඉංජිනේරු මහත්වරු, ගණකාධිකාරීවරු පවුල් 600ක් පමණ පදිංචියට එනවා".
     
    "බොරැල්ල සංවර්ධනයේ තවත් එක් පියවරක් එළියට් පෙදෙසේ අපි ආරම්භ කර තිබෙනවා. ඒ වගේම තමයි ලෙස්ලී රණගල මාර්ගය ප‍්‍රතිසංස්කරණය කර පුළුල් කිරීම. අද එහි පළමු අදියර අපි ජනතාවට මෙසේ ප‍්‍රදානය කරනවා. මේ ලෙස්ලි රණගල මාවත අපට එහා පැත්තේ කොටාපාර මාර්ගය හා සම්බන්ධ කළ හැකිනම් ඉතාම වැදගත් දියුණුවක් මේ ප‍්‍රදේශය තුළ ඇතිවීමට නියමිතයි. ඒ සඳහා අපේ අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා ඔබ හැමගේම සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා".  
     
    එළියට් පෙදෙසේ තවත් මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කරන බවත් එමගින් බොරැල්ලට තවත් වැදගත් වෘත්තීයවේදීන් පවුල් හාර පන්සියක් පදිංචියට පැමිණීමෙන් අනතුරුව බොරැල්ලේ තිබෙන ජන සංයුතිගේ ගැටළුව විසඳීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya