සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නඩු ප්‍රමාදය අවම කිරීමට පියවර - අධිකරණ අමාත්‍ය

    ඔක්තෝබර් 02, 2017
    නඩු ප්‍රමාදය අවම කිරීමට හා ජනතාවට රටට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ගෙන ඒම සඳහා නීති ක්ෂේත්‍රෙය් සියලු දෙනාගේ අදහස් හා යෝජනා අපේක්ෂා කරන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.
     
    අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙම අදහස් පළ කළේ ගාල්ල අමාරි හෝටලයේ දින තුනක් පුරා පැවැත්වෙන කණිෂ්ඨ ජාතික නීති සමුළුව 2017 ආරම්භක උත්සව අවස්ථාවට එක්වෙමිනි.
     
    "අපේ රටේ අධිකරණ පද්ධතියේ නඩු ප්‍රමාදවීම බරපතල  ගැටළුවක් බවට පත් වෙලා තිබෙනවා.එම තත්වය අවම කිරිමට නීතියේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. නීති ආධාර යුක්තියේ සමානාත්මතාවය නිසි පරිදි ලබාදීම විශ්වීය වශයෙන් පිළි ගැනෙන මානව අයිතියක්. නඩු ප්‍රමාදය අවම කිරිමට විශේෂයෙන් අධිකරණවල සේවය කරනු ලබන ඉහල සිට පහලට සියලු දෙනා කැපවී කටයුතු කිරීම වැදගත් වෙනවා. මේ වන විටත් මෙම තත්ත්වය අවම කිරීමට රජය වශයෙන් විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. තවදුරටත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නීති ක්ෂේත්‍රෙය් සියලු දෙනාගේ අදහස් හා යෝජනා අවශ්‍යයි"  යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.
     
    "2015 වසරේ අපේ රටේ මහාධිකරණවල දළ වශයෙන් නඩු 16960 විභාග වීමට පැවතුණා. 2016 වසරේ ඔක්තෝම්බර් මාසය වන විට මහාධිකරණවල නඩු 17038 පැවතුණා. නඩු 3347 ක් පමණ 2015 වසරේදී සිවිල් අභියාචනා මහාධිකරණවල ආසන්න වශයෙන් විභාග වෙමින් තිබුණා. 2017 මාර්තු වන විට අපේ රටේ වාණිජ මහාධිකරණවල නඩු 5580 ක් හා මහාධිකරණවල නඩු 16574 ක් තිබු බව ද අමාත්‍යවරිය පැවසුවාය.
     
    යුක්තිය පසිඳලීමේ කටයුතු කාර්යක්ෂමව හා අපක්ෂපාතිව සිදු විය යුතුයි එසේ නොවුනහොත් මහජනතාව තුළ ඒ පිළිබඳව තිබෙන විශ්වාසය පිරිහීමට හේතු විය හැකි යැයි ද නීතිඥයින් වන ඔබ සෑම අවස්ථාවකම නීති ක්ෂේත්‍රය පිළිබඳ ව විශ්වාසය ඇති වන ආකාරයට කටයුතු කිරීම වැදගත් අතර ම රජය හැම අවස්ථාවකම නීති අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට නීතිඥයින්ට අවශ්‍ය පහසුකම් පුහුණුවීම් ලබාදිමට කටයුතු කරන බව ද අධිකරණ අමාත්‍යවරිය මෙහිදි  පැවසුවාය.
     
    ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා කණිෂ්ඨ නීතිඥ කමිටුව එක්ව සංවිධානය කර තිබෙන මෙම නීති සමුළුව දින තුනක් පුරා ගාල්ල අමාරි හෝටලයේදි පැවැත්වෙන අතර එහිදී කණිෂ්ඨ නීතිඥයින්ගේ දැනුම වැඩි දියුණු කිරීමේ වැඩ සටහන් පැවැත්වීමට නියමිතය.
     
    අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, නීතිපති ජයන්ත ජයසූරිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya