සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරුණු පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා - පා.ම ආශු මාරසිංහ

    ඔක්තෝබර් 01, 2017
    ව්‍යවස්ථා අනු කමිටු වාර්තාවේ බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවන බව මෙන් ම ඒකීය රාජ්‍යයක් යන කරුණු දෙක සම්බන්ධයෙන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් වඩා හොඳින් පැහැදිළි කිරීමක් සහිතව කරුණු ඇතුළත් කොට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    යෝජිත 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනු කමිටු වාර්තාව සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට බලාපොරොත්තුවන බවත් නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ස්වර්ණමය අවස්ථාවක් උදා වී ඇතැයි ද පෙන්වා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තවමත් මෙය කමිටු වාර්තාවක් පමණක් බැවින් වාද විවාදවලින් අනතුරුව පවතින ව්‍යවස්ථාවට වඩා හොඳ නව ව්‍යවස්ථාවක් සකස් කරගැනීමේ අවස්ථාව පවතින බවත් පෙන්වා දුනි.
     
    විවිධ පුද්ගලයින්ගේ ප්‍රකාශයන් මූලික කරගනිමින් විවිධ ප්‍රකාශයන් සිදු නොකර කමිටු වාර්තාව හරිහැටි කියවාබලා ප්‍රකාශයන් සිදු කරන ලෙස නව ව්‍යවස්ථා අනු කමිටු වාර්තාවේ බෞද්ධාගමට ප්‍රමුඛස්ථානයක් නොමැති බවට මෙන් ම රට බෙඳීමේ යෝජනා ඇතුළත් වන බවට විවිධ ප්‍රකාශයන් සිදුකරන පුද්ගලයින්ගෙන් තමන් ඉල්ලා සිටින බවත් මාරසිංහ මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    වර්තමාන ව්‍යවස්ථාවේ පවා නොමැති ආරක්ෂක කරුණු පවා නව ව්‍යවස්ථා අනු කමිටු වාර්තාව සඳහා ඉදිරිපත් කොට ඇතැයි ද මෙහි කිසිඳු ෆෙඩරල් ලක්ෂණයක් නොමැති අතර ම ඒකීය රාජ්‍ය යන කරුණ පැහැදිලිව සඳහන් කොට ඇතැයි ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ නිලධාරි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya