සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලභීතිකාව තුරන් කිරීමට මිලියන 460ක්

    ඔක්තෝබර් 01, 2017
    ජල භීතිකාව තුරන් කිරීම සඳහා 2017 වසර සඳහා රුපියල් මිලියන 460ක් වෙන්කොට ඇතැයි ද 2030වන විට ජලභීතිකාව ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා ලෝක ජලභීතිකා දිනය නිමිත්තෙන් අනුරාධපුර පශු වෛද්‍ය කාර්යාලයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.
     
    ජලභීතිකාව ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා රජයට අවශ්‍ය සෑම සහයෝගයක් ම ලබාදෙන බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා මහමග ජීවත්වන සුනඛයින්ගේ ප්‍රමාණය ලක්ෂ 6ක් පමණ වන බවට තොරතුරු ලැබී ඇතැයි ද එය ප්‍රශ්නයක් මෙන් ම සුනඛ ගහණය අඩු කිරීම පරිසර තුලනයට ප්‍රශ්නයක් නොවන බවද අමාත්‍යවරයා පැවසීය.
     
    ලෝක වෙළඳපොළෙහි ගෑස් මිල වැඩිවීමක් පවතින බවත් ගෑස් මිල රුපියල් 110කින් ඉහළ යන අවස්ථාවේ දී කෑම පැකට්ටුවක මිල වැඩිකිරීමේ සාධාරණත්වයක් නොමැති බවත් රුපියල් 1000ට අඩුවෙන් ගෑස් මිල අඩු කළ අවස්ථාවේ දී බත් පැකට්ටුවක හෝ තේ එකක මිලෙහි වෙනසක් නොකළ බවත් අත්‍යවශ්‍ය ආහාරවල මිල ඉහළ යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya