සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවේ සෑම ආයුර්වේද රෝහලකටම භික්ෂු වාට්ටුවක්

    ඔක්තෝබර් 01, 2017
    රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි පිහිටි සියලු ආයුර්වේද රෝහල් ආශ්‍රිතව භික්ෂු වාට්ටු ඉදිකරන බව සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ප්‍රකාශ කළේය.
     
    ප්‍රධාන අමාත්‍යවරයා මේ මේ බව සඳහන් කළේ පසුගියදා පුස්සැල්ල ආයුර්වේද රෝහලේ ඉදි කළ නව භික්ෂු වාට්ටුව සඝ සතු කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
     
    සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකර ඇති මෙම පුස්සැල්ල භික්ෂු වාට්ටුව සඳහා සබරගමුව පළාත් සභාව වැය කර ඇති මුළු මුදල රුපියල් ලක්ෂ  23 කි.
     
    රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළු පහසුකම්වලින් සමන්විත ආයුර්වේද රෝහල් දොලහක් මේ වන විට ක්‍රියාත්මකය.
    එමෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර සිදු කරනු ලබන සබරගමුවේ සියළු රෝහල් ආශ්‍රිතව ද භික්ෂුන් වහන්සේලා සඳහා වෙන් වු වාට්ටු මේ වන විටත් ඉදිකර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya