අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට ස්ත්‍රීන් මතට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවක්

    ජූලි 07, 2014
    අද අපේ රටේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වැඩි පිරිසක් පිරිමින් වුවත් අලුත් සංඛ්‍යාලේඛනවලට අනුව අපේ රටේ ස්ත්‍රීන් මතට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නවක ග්‍රාම නිලධාරීන් 71ක් දෙනෙකු වෙත පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (06) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, ග්‍රාම නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයට එක්වන ඔබට අභියෝග රැසක් පවතී. ඒ අභියෝග ජයගන්න ඔබ කටයුතු කළ යුතුයි. විශේෂයෙන් ම ඔබ සේවය කරන වසම මත්ද්‍රව්‍යවලින් තොර ආදර්ශමත් ප්‍රදේශයක් බවට පත්කරන්න හැකි නම් එය ඔබට අභියෝගයක් වේවි. එවිට බොහෝදෙනා ඔබට ආදරය කරාවි. අද අපේ රටේ පිරිමින් මතට ඇබ්බැහි වූවත් කාන්තාවන් මතට ඇබ්බැහිවීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්වයි. මේ තත්ත්වය අවබෝධ කර ගෙන නිවැරදිව, සමාජය යහමගට ගන්නට උත්සාහ කරන ඔබව ආරක්ෂා කර ගන්න දිසාපතිතුමා ඇතුළු අප සියලු දෙනාම කැපවෙනු ඇත. ඒ සඳහා උදව් කරන්න අප සියලුදෙනා ඉදිරිපත් වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    මේ අවස්ථාවට ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, සමාජසේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරිආරච්චි, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරු එක්ව සිටියහ.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya