අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩිහිටියන් රැකබලා ගැනීමට වෘත්තීයමය ශ්‍රම බලකායක්

    ජූලි 07, 2014

    පුද්ගලයකු වයසින් වයෝවෘද්ධවීමත් සමඟ ම ශාරීරික හා මානසික අවදානම් තත්ත්වයකට හා සමාජීය වශයෙන් හුදකලා තත්ත්වයකට පත්වන බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 05 වැනිදා අනුරාධපුර මෙරීට් හෝටල් සංකීර්ණයේදී  පැවති වැඩිහිටි බල මණ්ඩල  සංවත්සර උත්සවයකට සහභාගී වෙමිනි.මෙහිදී සමාජ සේවා අමාත්‍යවරයා; "වියපත් වීමෙන් හුදකලා වන වැඩිහිටියන් රැකබලා ගැනීමේ වගකීම  සමාජය සංකීර්ණ වීමත් සමඟ ම සමාජයෙන් ගිලිහී යමින් පවතිනවා. අද ශ්‍රී ලංකාවේ 16% පමණ වන වැඩිහිටි ප්‍රතිශතය වර්ෂ 2030 වනවිට 22%කට වැඩි ප්‍රමාණයක්, එනම් සෑම පුද්ගලයින් පස් දෙනෙකුටම එක් අයෙකු වැඩිහිටියෙකු වේ.  මෙය දකුණු ආසියාවේ අන් රටවල් සමඟ සැසඳීමේදී ඉහළ ම වැඩිහිටියන්ගේ වර්ධනය බව කරන ලද අධ්‍යයනවලින් හඳුනාගෙන තියෙනවා. මෙම තත්ත්වය මත අනාගතයේදී  වැඩිහිටියන් රැකබලා ගැනීම ජාතික ගැටලුවක් බවට පත්වීමට ඉඩ තියෙනවා. ඒ සඳහා වර්තමානයේ සිට ම අප අවශ්‍ය ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වග බලාගත යුතුයි.

    අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ වැඩිහිටියන් රැකබලා ගැනීමේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යාමේදී පැන නගින ප්‍රධාන ගැටලුව වෘත්තීමය පුහුණුවක් ලැබූ සත්කාරක සේවා සපයන්නන් නොමැති වීමයි. මේ නිසා වැඩිහිටියන් රැකබලා ගැනීම වෘත්තීයමය වශයෙන්  ස්ථාපිත කිරීමට න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම හා කුසලතාවයන් පිරිපුන් විධිමත් පුහුණුවක් ලබාදිය යුතුයි. මේ සඳහා පුහුණු මානව සම්පතක අවශ්‍යතාවන් අප හඳුනාගෙන තියෙනවා. එයට පිළියම් යොදමින් පවතිනවා.

    දැනට  වැඩිහිටි සත්කාරක සේවාවල නිරතව සිටින, නිරත වීමට අපේක්ෂා කරන ක්‍රියාකාරීන්ට සාර්ථක වැඩිහිටි දිවියක් නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතාවන් ප්‍රවර්ධනය  කරමින් වැඩිහිටියන් රැකබලා ගැනීමට වෘත්තිකයින් නිර්මාණය කිරීමේ පළමු පියවර ලෙස පසුගිය දා සමාජ සංවර්ධන ආයතනය මගින් "වැඩිහිටි රැකවරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක්" ආරම්භ කළා. මෙය ඉදිරියේදී රට තුළ ඇතිවිය හැකි මානව සම්පතක  අවශ්‍යතාවන් වෙනුවෙන්ම සැලසුම් කළ පාඨමාලාවක්, මෙය ක්‍රියාත්මක කිරීමේදී වියපත්භාවය පිළිබඳ පර්යේෂකයින්, දේශකවරුන්, වෛද්‍යවරුන්, මනෝ උපදේශකයින්ගේ සහ ජාතික මට්ටමේ පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවද අමාත්‍යවරයා පැවසීය.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya