සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ජනාවාස දින ජාතික උත්සවය මාතර දී

    සැප්තැම්බර් 29, 2017

    මෙවර ලෝක ජනාවාස දින ජාතික උත්සවය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ  මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 02 වැනිදා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

    මෙහි දී සැමට සෙවණ විසිරි ණය ප්‍රදානයන් 1,000 ක්, සැමට සෙවණ ආධාර ප්‍රදානයන් 50 ක්, සොඳුරු පියස ණය චෙක්පත් ප්‍රදානයන් 100 ක්, විරු සුමිතුරු ආධාර ප්‍රදානයන් 25 ක්, හිමිකම් ඔප්පු ප්‍රදානයන් 100 ක්, ශිල්ප සවිය සහතිකපත් ප්‍රදානයන් 135 ක්, ශිල්ප සවිය පෙදරේරු ආයුධ කට්ටල ප්‍රදානයන් 100 ක්, ලෝක ජනාවාස දින දීප ව්‍යාප්ත පාසල් චිත්‍ර හා රචනා තරඟයේ ජයග්‍රාහකයින් සඳහා තිළිණ හා සහතික පත් ප්‍රදානයන් 21 ක් සහ ක්‍රීඩකයෙකු සඳහා නිවසක් ප්‍රදානය කිරීම ද සිදු කෙරේ. ඊට අමතරව මුල්දින කවරයක් එළි දැක්වීම ද සිදු කිරීමට නියමිත ය.

     

    මෙම ජාතික උත්සවය සඳහා ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරළ මහත්මිය හා මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය  නිලධාරීන් හා ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් සහභාගි වේ.

    මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya