සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව පළාතේ රෝහල් සංවර්ධනයට මිලියන 1547ක්

    ඔක්තෝබර් 01, 2017
    සබරගමු පළාතේ රෝහල් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1547ක් වෙන් කිරීමට රජය තීරණය කොට ඇත.
     
    සබරගමු පළාතේ පිහිටි ප්‍රධානත ම රෝහල් වන රත්නපුර පළාත් මහ රෝහලේ සහ කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ අධික තදබදයක් පවතින බැවින්, ජනතාවට පහසුවෙන් ලඟාවිය හැකි ගුණාත්මක සෞඛ්‍ය සත්කාර සේවාවක් සැපයීම සඳහා මාවනැල්ල, කරවනැල්ල, බලංගොඩ හා කලවාන යන මූලික රෝහල් සහ රඹුක්කන හා ඇහැළියගොඩ යන ප්‍රා‍දේශීය රෝහල් මේ යටතේ සංවර්ධනය කිරීම සිදු කෙරේ.
     
    ඒ අනුව එම රෝහල්වල විවිධ සායන හා ප්‍රතිකාර ඒකක අලුතින් පිහිටුවීමටත්, එකී සෑම රෝහලක ම ඇඳන් සංඛ්‍යාව 250 කින් පමණ ඉහළ නැංවීමටත් අපේක්ෂා කෙරේ. 
     
    ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 9% ක් පමණ ජීවත්වන සබරගමුව පළාතේ සෞඛ්‍ය අංශයේ පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් මෙය ආණ්ඩුව වෙත යෝජනා කොට ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya