පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්රියාත්මක වීම පිළිබඳ ප්රගතිය, කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්රගතිය, ප්රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටළු පිළිබඳව, දිස්ත්රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳව, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරේ.
මේ අවස්ථාව සඳහා දිස්ත්රික්කයේ සියලු ම ප්රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්රාදේශීය ලේකම් වරුන්, ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ රාජ්ය නිලධාරීන්, පුද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.
මාතර දිස්ත්රික් කෘෂිකර්ම අධ්යක්ෂ එම්.එච්.යූ. සිරිවර්ධන මහත්මිය ප්රමුඛ දිස්ත්රික් කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරයි.