සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යල් අස්වනු පූජාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී

    සැප්තැම්බර් 28, 2017
    ජාතික ඒකාබද්ධ ගොවි සංවිධාන සමගින් වාරිමාර්ග කළමනාකරණ අංශය මගින් සංවිධානය කරන ශ්‍රී දළදා සමිදුන් වෙත සිදු කෙරෙන යල් අස්වනු පූජෝත්සවය සැප්තැම්බර් 30 සහ ඔක්තෝබර් 01 යන දිනයන්හිදී අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහනායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් පැවැත්වීමට සියළු කටයුතු යොදා තිබේ. 
     
    ඒ අනුව  එළඹෙන සැප්තැම්බර් 30 දින මහනුවර වැල්බෝධියේදී පැවැත්වෙන බෝධී පූජාවකින් යල් අස්වනු පූජා වැඩසටහන ආරම්භ කරන අතර, එම ස්ථානයේ සිට යල් අස්වනු පූජාවේ වැදගත්කම සහ ඒ හා බැඳුනු අපගේ ගොවිබිම් යටගියාව පිළිබඳ විද්වත් කතිකාවතක්ද පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ප්‍රවීන ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත මහතා සහභාගී වන අතර ඉන් අනතුරුව ශ්‍රී දන්ත ධාතූන් වහනසේ වෙනුවෙන් ගිලන්පස පූජාවක්ද පැවැත්වීමට නියමිතය.
     
    යල් අස්වනු පූජා වැඩසටහනේ දෙවැනි දිනය වන ඔක්තබෝර් 01 දා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් සිදුකෙරෙන කිරි ආහාර පූජාවෙන් වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කොට ඇත. මහා වාරිමාර්ග ව්‍යාපෘතිවල 84,000 ක් ගොවීන්ගේ අස්වැන්නෙන් අගසස් වෙනුවෙන් අතින් නෙලා ගත් රන් කරල්  සහ ඒවායින් වෙන් කරගත් නොකැඩුනු සහල් ඇට 108 බැගින් ගොවීන්ගෙන් එකතු කර මෙම කිරි ආහාර පිළයෙල කිරීම විශේෂත්වයක්  බව වාරිමාර්ග කළමනකරණ අංශයේ අධ්‍යක්ෂ චන්‍ද්‍රිකා ඇතුගල මහත්මිය පවසයි. 
     
    සහල්, මුං, බඩ ඉරිගු, කවුපි, තල ඇතුළු අටපිරිකර රැගත් බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පෙරහැරකින් පැමිණ සහල් පාත්‍රය පිරවීමේ චාරිත්‍රය එදින පෙ.ව. 7.30 පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, අනතුරුව සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කොට තිබේ.
     
    පුල්ලේයාර් කෝවිල, මීරා මක්කම් පල්ලිය සහ ශාන්ත මේරි දෙව්මැදුරටද අලුත් සහල් හා අනෙකුත් ධාන්‍ය පූජා පැවැත්වීමට ද මෙම උත්සවයේදී කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. 
     
    ජනාධිපතිතුමන් ප්‍රම්‍රඛ රජයේ ආශිර්වාදයෙන් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජිතමුණි සොයිසා මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම උත්සවය සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේතුමන්ගේ දායකත්වය ලැබී තිබේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya