සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ජනාවාස දිනයට සමගාමීව අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර

    සැප්තැම්බර් 28, 2017

    ''නිවාස ප්‍රතිපත්ති : පහසු නිවාස''මැයෙන් 2017 - ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන නිමිත්තෙන් අඩු ආදායම්ලාභී හා අවදානම් සහගත පවුල් සඳහා වන නිවාස ආධාර හා වැසිකිළි ආධාර බෙදා දීමේ උත්සවයක් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා ක්‍රීඩා හා ග්‍රාම සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    ඔක්තෝම්බර් මස 02 වන දින ප.ව. 3.00 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම වැඩසටහන පැවැත්වෙයි.

    දකුණු පළාත් සභාමැති ඇමැතිවරුන් ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා, දකුණු පළාත් ක්‍රීඩා හා ග්‍රාම සංවර්ධන,නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ජී.එල්.වර්ණන් පෙරේරා මහතා ඇතුළු රාජ්‍ය
    නිලධාරීන් හා ආධාරලාභීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය. දකුණු පළාත් නිවාස දෙපාර්තමේන්තුව මෙම උත්සවය සංවිධානය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya