සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රේගුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්

    සැප්තැම්බර් 27, 2017
    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිර්දේශ මත දැනට මඩකලපු දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කරන පී.එස්.එම්. චාල්ස් මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇත. 
     
    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන ඇය වසර 26ක පමණ කාලයක් රාජ්‍ය සේවයේ නිරතව සිටින්නීය. මීට පෙර වවුනියාව දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම් සහ සහකාර දිස්ත්‍රික් ලේකම් යන ධුරවල කටයුතු කර ඇති චාල්ස් මහත්මිය යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර, රජරට හා පේරාදෙනිය යන විශ්වවිද්‍යාලවලින් පශ්චාත් උපාධි ලබා තිබේ. 
     
    දැනට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන චූලානන්ද පෙරේරා මහතා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත් කෙරෙනු ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya