සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රක්ෂිත ඉඩම් හඳුනාගැනීමට අන්තර්ජාල සිතියමක්

    සැප්තැම්බර් 27, 2017
    ශ්‍රී ලංකා රජය සතු විවිධ කාර්යයන් සඳහා වෙන් කළ රක්ෂිත ඉඩම් පිළිබඳ ව තොරතුරු ඇතුළත් සිතියමක් සකස් කර ඇති අතර ආයෝජකයන් ඇතුළු ව ඕනෑම අයෙකුට අන්තර්ජාලය හරහා එය භාවිත කළ හැකිවන අයුරින් නිර්මාණය කොට ඇත.
     
    අග්‍රාමාත්‍යවරයා යටතේ ක්‍රියාත්මක වන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් මෙම සිතියම නිර්මාණය කොට ඇත.
     
    මහා පරිමාණ හා මධ්‍යම පරිමාණ ආයෝජකයන්ට තම ව්‍යාපෘති ස්ථානගත කිරීමේ දී ඒ ඒ ප්‍ර දේශයන් හි පිහිට රජය සතු රක්ෂිත, වනාන්තර, වාරිමාර්ග ආදිය සඳහා වෙන් කරන ලද ඉඩම් ආදිය පිළිබඳ ව තොරතුරු ලබාගත හැකි නිශ්චිත එක් මූලාශ්‍රයක් නොතිබීම මෙතෙක් පැවැති ප්‍රධාන දුර්වලතාවයකි. ආයෝජකයින්ට පහසුකම් සපයමින් ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ ආයෝජන සඳහා දිරිගැන්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මෙය හැඳින්විය හැකි අතර මෙමගින් ආයෝජකයන් ආදී විවිධ පාර්ශවයන්ට තම ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉඩම් ලබාගැනීමේ දී ඒ සඳහා ඉතාමත් සුදුසු ප්‍රදේශයක් ඉක්මනින් සහ පහසුවෙන් හඳුනාගැනීමට හැකි වේ.
     
    www.survey.gov.lk/nsdi/lis/index_cad.php යන වෙබ් ලිපිනය හරහා මෙම අන්තර්ජාල සිතියම වෙත සම්බන්ධ විය හැකි අතර මෙම සිතියම පදනම් කරගෙන දෘෂ්‍යමානව යම් ස්ථානයක් හඳුනාගැනීම, GPS ක්‍රමය මගින් ස්ථානයන් සෙවීම, යම් ස්ථානයක් හඳුනාගැනීමට හැකි වන සේ ස්ථානයේ නම සිතියමට ඇතුළත් කිරීම ආදී සේවාවන් ලබාගත හැකිය. 
     
    මෙම සිතියම වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී රජය සතු එවැනි ඉඩම් පාලනය කිරීමේ බලතල සහිත ආයතනයන් මගින් ලබාදෙන තොරතුරු මත පදනම් ව සකස් කර තිබේ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya