සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය රෝහල්වලින් නළදරු උපත් සිදුකිරීමේ වැඩපිළිවෙළක්

    සැප්තැම්බර් 26, 2017
    රාජ්‍ය අංශයෙන් ඉතා දියුණු ප්‍රතිකාර ක්‍රමයක් වන නළදරු උපත් සිදුකිරීම සඳහා අවශ්‍ය පහසුකම් ඇතිකිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    කොළඔ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (25) පස්වරුවේ පැවැති පවුල් සැලසුම් දින ජාතික උත්සවය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
     
    වර්තමානයේ දී දියුණු අති නවීන තාක්ෂණය සමඟ ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිකාර සේවාවන් තිබෙන  නමුත් බොහෝ විට ලංකාවේ එම සේවාවන් සැපයෙන්නේ පෞද්ගලික අංශය මඟින් පමණක් බවත් එබැවින් එම සේවාවන් ලබා ගත හැක්කේ ධනවත් ඉතා අඩු ප්‍රතිශතයකට පමණ යැයි ද ඉදිරියේ දී රජය සැමටම පොදුවේ සමාන මට්ටමකට මදසරුභාවය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සුදුසු වාතාවරණයක් සැලසීමට වැඩපිළිවළවල් යෝජනා වෙමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය. 
     
    මේ සඳහා අවශ්‍ය මූලික මට්ටමේ පරීක්ෂණ, විශේෂ පරීක්ෂණ සහ ප්‍රතිකාර සුදුසු පරිදි ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම ලබා ගැනීමට හැකිවන පරිදි වැඩපිළිවළවල් දියත් කිරීම වත්මන් රජයේ අරමුණ නමුත් මේ සඳහා වැය වන විශාල ප්‍රාග්ධනය සහ ඒ සඳහා ප්‍රතිපාදන සකස් කර ගැනීම අභියෝගයක් යැයි ද එම අභියෝග සියල්ල ජයගෙන දියුණු රටවලමෙන් මදසරුභාවය සඳහා ප්‍රතිකාර කිරීමට සැලසීම තුළින් අප රටේ මදසරුබාවයෙන් පෙලෙන සැලකිය යුතු පිරිසකට දරු සම්පත ලඟා කර ගැනීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.
     
    "මදසරුබාවය කියන්නේ අපේ රටෙත් අනෙකුත් රටවලත් පවුල් සැලසුම් සේවාවල අඩු අවධානයක් යොමුවෙලා තිබෙන අංශයක්. වි‍ශේෂයෙන්ම රාජ්‍ය අංශය සේවාවන් තව බොහෝ වැඩි දියුණු විය යුතුව තිබෙනවා. මෙයට එක හේතුවක් තමයි මදසරුබාවයට ප්‍රතිකාර සඳහා යන විශාල වියඳම. අපේ රජයෙන් මම සෑම විටම  මේ මදසරුබාවයෙන් පෙලෙන යුවල්වලට තම බලාපොරොත්තු ලඟා කර ගැනීමට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දීමට කටයුතු කරනවා" යැයි ද වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, ළමා හා සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රියානි සේනාධීර මහත්මිය, ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya