සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මසුන් සහ ආහාර කල් තබා ගැනීමේ ජපන් තාක්ෂණය ශ්‍රී ලංකාවට

    සැප්තැම්බර් 26, 2017
    ශ්‍රි ලංකාවේ මසුන් සහ ආහාර කල් තබා ගැනීම සඳහා ජපානයේ ABI සමාගමේ CAS තාක්ෂණය ලබා දීමට එම සමාගමේ සභාපති NORIO OWADA මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එකඟත්වය පළ කර ඇත.
     
    ජපානයේ ආහාර කල් තබා ගැනීම පිළිබඳ ප්‍රමුඛ ආයතනයක් වන ABI පුද්ගලික සමාගම විසින් ලොවට ප්‍රථම වරට මෙම තාක්ෂණය හඳුන්වා දී තිබේ. 
     
    CAS (Cells Alive System) යනු විද්‍යුත් හා චුම්භක ක්‍රියාවලිය මගින් ආහාර ශීත කාමරවල තබා ඒවායේ ගුණාත්මක භාවය, ආරක්ෂිත බව, නැවුම් බව සහ තෘප්තිමත් භාවයට හානි නොවන පරිදි ආහාර සුරක්ෂිත කරගන්නා ක්‍රමයකි. 1989 දී ABI සමාගම විසින් මෙම තාක්ෂණය හදුන්වා දෙන ලදි. CAS තාක්ෂණය යටතේ ආහාරවල සෛල සහ පටකවලට හානි නොවී පවත්වා ගැනීම සිදු කරන අතර එය සාමාන්‍ය ශීතකරණ ක්‍රියාවලියට වඩා හාත්පසින්ම වෙනස් විද්‍යානුකූල ක්‍රමයක් වේ.
     
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජපාන නිල සංචාරයේදි ABI සමාගමේ සභාපති නොරියෝ ඔවාඩා මහතා හමු වු අතර එම ආයතනයේ කළමණාකාරිත්වය විසින් CAS තාක්ෂණය පිළිබදව අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කර ඇත.
     
    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා වර්තමානයේ ශ්‍රි ලංකාවේ ධීවර කර්මාන්තය මෙන්ම වෙනත් අංශ වලද ඉතා බරපතළ ලෙස පසුඅස්වනු නාස්තිය සිදු වන බැවින් ඒවා අවම කරගැනිමට CAS තාක්ෂණය උපයෝගි කර ගැනිම පිළිබදව ද කරුණු විමසා තිබේ.
     
    ඒ අනුව ABI සමාගම විසින් හඳුන්වා දි ඇති සෛල සජීවීකරණ පද්ධතිය හෙවත් CAS (Cells Alive System) තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට හැකි බව ප්‍රකාශ කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
     
    මෙම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපතී මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya