සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ හදිසි ආපදා වන්දි 99% ක් ගෙවා අවසන්

    සැප්තැම්බර් 26, 2017
    ගාල්ල දිස්ත්‍රික්කයේ ගං වතුර හේතුවෙන් සිදු වූ පුර්ණ හානි සහ අර්ධ හානි සඳහා ගෙවන ලද රුපියල් මිලියන 80.3 ක් වටිනා රුපියල් 10,000 අත්තිකාරම් මුදල නිවාස 9315 කට මේ වන විටත් බෙදා අවසන් කොට ඇති අතර එය 99% ක ප්‍රතිශතයක් බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි. 
     
    එමෙන් ම රුපියල් 7500ක නිවෙස් කුලි ප්‍රතිපාදනයන් ද මේ වනවිට 100% ප්‍රගතියක් අත් පත් කරගෙන ඇත. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වන්දි ප්‍රතිපාදන ලැබීම රුපියල් මිලියන 6.54 ක් වන අතර ගෘහ උපකරණ හානි සඳහා මිලියන 1.21 ක් ප්‍රතිපාදනයන් ලබා දී ඇත. එමෙන් ම යටිතල පහසුකම් සංවර්ධන සඳහා ගාල්ල දිස්ත්‍රික්කය සඳහා වෙන් කරනු ලැබූ රුපියල් මිලියන 1500 ක මදල් මිලින් ව්‍යාපෘති 284ක් යෝජිතව තිබු අතර එහි ඉහළ ප්‍රගතියක් අත් කරගෙන තිබේ. 
     
    ගං වතුරෙන් හානියට පත් අධ්‍යාපන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 75.0 කමුදලක් සහ සෞඛ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 90ප්‍රතිපාදන වෙන් කොට ඇති අතර, එහි ව්‍යාපෘති මේ වන විට ඉහළ ප්‍රතිඵල අත් කරගෙන තිබේ. 
     
    ඊයේ (25) අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහ පාර්ලිමෙන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටි ආරච්චි මහත්වරුන්ගේ සම සභාපතීත්වයෙන් පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී මෙම තොරතුරු අනාවරණය විය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya