සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දී දෙවන හදවත් බද්ධ සැත්කම කඩිනමින්

    සැප්තැම්බර් 26, 2017
    මහනුවර ශික්ෂණ රෝහලේ දී සිදු කිරිමට නියමිත දෙවන හදවත් බද්ධ සැත්කම කණ්ඩායම් හැගීමෙන් යුතුව කඩිනම්න් සිදු කරන බව එම රෝහලේ ශල්‍ය හා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් ඊයේ (25) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පොරොන්දු විය.
     
    මහනුවර ශික්ෂණ රෝහලේ දී සිදු කිරිමට නියමිතව තිබූ දෙවන හදවත් බද්ධ සැත්කම සිදු කිරීමට යාමේ දී මුහුණ දුන් ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. 
     
    එම හදවත් බද්ධ සැත්කම සිදු කිරිම සඳහා අවශ්‍ය Cardiac Output Monitoring  Probe with pulmecuary Eunctiong උපකරණ 02ක් දින 03ක් තුළ කඩිනමින් මිල දී ගෙන මහනුවර මහ රෝහල ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයට දැනුම් දෙන ලදි. 
     
    තව ද Cardiac Output Monitoring යන්ත්‍රයක් මහනුවර මහ රෝහලේ නිර්වින්දන අංශයට කඩිනමින් මිල දී ගෙන ලබාදීමට ද මෙහිදී තීන්දු කෙරිණි. එම යන්ත්‍ර ශ්‍රී ලංකාවට ආනයනය කරන සමාගමේ ප්‍රධානීන්ට ද සෞඛ්‍ය අමාත්‍යවරයා දුරකතනයෙන් කථා කර යන්ත්‍රය කඩිනමින් ගෙන්වා දෙන ලෙස ඉල්ලා සිටියේය. තවද නිර්වින්දන වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය රසායනික සංයෝග නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත ඉන්දියාවෙන් කඩිනමින් ආනයනය කර ලබාදෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දෙන ලදි. වෛද්‍ය උපකරණ හිඟයක් ඇතිවුව හොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසත්, කඩිනමින් මිල දී ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාට දැනුම් දෙන ලදි.
     
    “ශ්‍රී ලංකාවේ වසර 50 කට පසුවයි හදවත් බද්ධ සැත්කමක් සිදු කළේ. එම හදවත් බද්ධ සැත්කම කොළඹ ජාතික රෝහලේ දී සිදු කිරීමට මම සැලසුම් කළා. නමුත් අවම පහසුකම් යටතේ මහනුවර මහ රෝහලේ දී හදවත් බද්ධ සැත්කම සිදු කළා. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම ඒ පිළිබඳව බෙහෙවින්ම සතුටු වුණා. හදවත් බද්ධ සැත්කම සිදු කළ වෛද්‍ය කණ්ඩායම දැකබලා ගැනීමටත්, රෝගියා දැකබලා ගැනීමටත් මම අවස්ථා දෙකක දී මහනුවර මහ රෝහලට පැමිණියා. වෛද්‍යවරුන් දැඩි කැපවීමෙන් තමයි සැත්කම සිදු කර තිබුනේ. එහිදී හදවත් බද්ධ සැත්කම් සිදු කිරිම සදහා අවශ්‍ය සියලුම උපකරණ සහ යන්ත්‍ර සුත්‍රවල ලේඛනයක් වෛද‍්‍යවරුන් විසින් මට ලබාදුන්නා. එවිට මම නිලධාරීන්ට දැනුම් දුන්නේ මෙම උපකරණ කඩිනමින් මිල දී ගන්නා ලෙසයි. නීති රීති වලට යටත් නොවී රෝගී ජිවිත බේරා ගැනීමට කටයුතු කරන ලෙස මම දැනුම් දුන්නා. නමුත් දෙවන සැත්කම සිදු කිරීමට යාමේ දී උපකරණයක් නොමැති බව වෛද්‍යවරුන් මට දැනුම් දුන්නා. ඒ අනුව එම උපකරණය ත්‍රිකුණාමලය කින්නියා මුලික රෝහලේ සිට මහනුවර මහ රෝහලට ලබාදීමට මම පියවර ගත්තා. නමුත් වෛද්‍යවරුන් මට ප්‍රකාශ කළා එම උපකරණය ශල්‍යකර්මය සදහා ප්‍රමාණවත් නොවන බව. ඉන් පසු මම මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාට දැනුම් දුන්නා අවශ්‍ය තරම් මුදල් ලබාදෙන්නම් අවශ්‍ය උපකරණ ලබාගන්න කියලා. නමුත් ගැටලුවක් මතු වුණා. මෙම ප්‍රශ්ණය සියලු ම විශේෂඥ වෛද්‍යවරුන් සමග අද පැවැති සාකච්ඡාවෙන් පසු නිරාකරණය කළා.  සියලුම විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම් හැගීමෙන් යුතුව රාජකාරී කරන්න.වෛද්‍යවරුන් අවබෝධයෙන් කටයුතු කරන්න. හදවත් බද්ධ සැත්කම සඳහා හදවත් ලබාදීමට රෝගියෙක් දැනට මහනුවර මහ රෝහලේ සිටිනවා.”යැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම සාකච්ඡාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන අමල් හර්ෂ ද සිල්වා, හේමන්ත බෙනරගම, අධ්‍යක්ෂවරුන් වන ප්‍රියන්ත අතපත්තු සහ එච්. ඒ හේරත්, මහනුවර මහ රෝහල් අධ්‍යක්ෂ සමන් රත්නායක, හෘද රෝග ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා සහ නිර්වින්දන විශේෂඥ ‍වෛද්‍ය ඡෙගති පෙරේරා මහත්මිය ඇතුලු සියලුම විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya