අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මංගල සමරවීර මන්ත්‍රීවරයා නොදැනුවත්ව බුද්ධි අංශ සාමාජිකයින් ඔහුගේ නිවසේද සිටිය හැකියි

    ජූලි 06, 2014

    පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පසුගියදා රජයේ බුද්ධි අංශ පිළිබදව තොරතුරු ජනමාධ්‍යයන් තුළින් ප්‍රකාශ කළ බවත්, ඒ මහතා නොදන්නවා වුණාට බුද්ධි අංශ නිලධාරීන් ඒ මහතාගේ නිවස තුළද සිටිය හැකි බවත් මංගල සමරවීර මහතාගේ නිවසේ බුද්ධි අංශ සාමාජිකයෙක් සිටින්නේ නම් ඉන් තහවුරු වන්නේ එම නිලධාරියා මංගල සමරවීර මහතාගේ මෙහෙකාර සේවයේ යෙදෙන බව නොව ඒ මහතාගේ නිවසේ සිටිමින් එම නිලධාරියා සිය බුද්ධි අංශ සේවාව ඉටු කිරීම බව ඉදිකිරීම්,ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.


    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මොණරාගල දිස්ත්‍රික්කයේ තෝරාගත් පවුල් 250ක් වෙනුවෙන් රුපියල් මිලියන 35ක් වටිනා ජන සෙවණ නිවාස මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ හා ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය මගින් පුහුණුව ලැබු වඩු හා පෙදරේරු කාර්මික ශිල්පීන් 150 දෙනෙකු සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේඅවස්ථාවට ප්‍රධාන අරාධිතයා වශයෙන් අද (06) දින සහභාගි වෙමිනි. මෙම උත්සවය මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.


    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ අමාත්‍යවරයා “මීට පෙර යුද්ධය පැවති අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විසින් බුද්ධි අංශ සාමාජිකයින්ගේ තොරතුරු අනාවරණය කර පාවා දුන් බවත් එහිදි කොටි ත්‍රස්තවාදීන් විසින් බුද්ධි අංශ සාමාජිකයින් ඝාතනය කළ බවත් මංගල සමරවීර මන්ත්‍රීවරයා අද සිදුකරමින් සිටින්නේද එදා එක්සත් ජාතික පක්ෂය සිදුකළ ක්‍රියාවලියම බවද” විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


    HC/moc

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya