අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජයවඩනිට නව නිවසක්

    ජූලි 06, 2014
    මානුෂක මෙහෙයුමෙ අවසන් දින කිහිපයේදි ජයවඩනි නම් එල්.ටී.ටී.ඊ. සාමාජිකාව මුහුණ දුන් සත්‍ය සිදුවීම් අළලා 'The Last Phase' නමින් නිපදවු වාර්තාමය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ද පණපොවමින් ලොටට සත්‍ය හෙළිකිරීමට දායක වූ ජයවඩනි මහත්මිය වෙත නිවසක් ලබාදීම පසුගියදා සිදුවිය.
     
    මෙම වාර්තාමය චිත්‍රපටය එළිදක්වන ලද දින මෙය බැලීමට පැමිණි ජනප්‍රිය නිළි සබීතා පෙරේරා හා ඇගේ සැමියා වන උපාලි ජයසිංහ මහතා විසින් එම ස්වාධීන වාර්තාමය චිත්‍රපට කණ්ඩායම සමඟ කරන ලද සාකච්ඡාවේදී නිවසක් නොමැතිව දරුවන් සිවු දෙනෙකුද සමඟ සිටින මෙම තැනැත්තිය සඳහා මෙම නව නිවස සාදා දීම සඳහා අවශ්‍ය මුදල් පරිත්‍යාග කරනු ලැබීය.
     
    කිළිනොච්චියේ ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඉඩමක් ලබා දීමෙන් අනතුරුව මෙම නිවස ඉදිකිරීම කිළිනොචිචි ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් සිදුකරන ලදී.
     
     මෙම අවස්ථාවට කිළිනොචිචි ආරක්ෂක සේනා මූලස්ථාන අධිපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ , මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂක ජීවන් චන්දිමාල්  හා එම චිත්‍රපටියේ නිෂ්පාදක කණ්ඩායම ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    ECB/mod
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya