සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රියෙන් තෙල් ප්‍රවාහනයට වැඩි අවධානයක් - ඇමති අර්ජුන

    සැප්තැම්බර් 25, 2017
    රටපුරා ඉන්ධන බෙදා හැරීම සඳහා වැඩි වශයෙන්  දුම්රිය යොදා ගැනීමට අපේක්ෂා කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 
     
    බවුසර් රථවලින් ඉන්ධන බෙදා හැරීමට වඩා එය වඩාත් ලාභදායි බවද අමාත්‍යතුමා කියා සිටී. එතුමා වැඩිදුරටත් අවධාරණය කළේ ඉදිරියේදී ප්‍රාදේශීය ඉන්ධන  ගබඩා සංකීර්ණ පුළුල් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. එහි පළමු පියවර යටතේ මහනුවර පේරාදෙනිය ඉන්ධන ගබඩා සංකීර්ණය පුළුල් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවද අර්ජුන රණතුංග අමාත්‍යතුමා ප්‍රකාශ කළේය. 
     
    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මධ්‍ය පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
     
    ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මධ්‍ය පළාත් ප්‍රාදේශීය කාර්යාලය  පිහිටා ඇත්තේ මහනුවර පේරාදෙනියේය. එහි කිසිවකුටත් නොදන්නා හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සේවක සේවිකාවන් මුහුණ දෙන ගැටළුද විමසා බැලීය. එහිදී අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාවේ අනවශ්‍ය වියදම් කපා හැරීමට දැනටමත් කටයුතු කර ඇති බවයි.
     
    "ටැංකිවලට වඩා දුම්රියෙන් නුවරට තෙල් ගෙන ආවොත් ඛනිජ තෙල් සංස්ථාවට විශාල ලාභයක් ලබා ගැනීමට හැකි වෙනවා. මට මේ ආයතනය භාර දුන්නෙත්, මම භාර ගත්තෙත් සංවර්ධන කටයුතු කරන අතරතුර ඛනිජ තෙල් සංස්ථාව ලාභ ලබන තත්ත්වයකට ගෙන ඒම සඳහා. එක්පැත්තකින් බැලු විට ඛනිජ තෙල් සංස්ථාවෙන් ලාභ ලැබීම අපහසු කටයුතුත්තක්. මොකද අපි හුඟාක් සහන ලබා දෙනවා මහජනතාවට. ඒ නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන පාඩුව අවම කර ගැනීමට පළමුව අපි උත්සාහ කරනවා. දැනටමත් අපි ඛනිජ තෙල් සංස්ථාවේ වියදම සෑහෙන දුරට අඩු කිරීමට අපි සමත්ව සිටිනවා. නමුත් කිසිම දිනක සේවකයින්ට හිමි සේවකයින් ලබන වරප්‍රසාද අපි කිසිම විටක අඩු කරන්නේ නැහැ. වරාය අමාත්‍යවරයා ලෙස සිටින විටත් මම ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා.  වරායේ සිටින විට අවුරුදු 2ක් ඇතුළත බිලියන 11ක ලාභයක් ලැබීමට අපිට හැකි වුණා. ඒකට ප්‍රධානතම හේතුව වුණේ අනවශ්‍ය වියදම් කපා හැරීම. මේ අනවශ්‍ය වියදම් කරන්නේ ඉහළ තැන්වලින්. සේවකයන්ගෙන් නෙමෙයි. ඒක තමයි යථාර්ථය. එය අපි වටහා ගෙන තියෙනවා. දැන් අපි ඇමතිවරයාගේ සිට සභාපතිගේ ඉඳලා සියලුම අනවශ්‍ය වියදම් අපි දැන් කපා හැර තිබෙනවා. නමුත් නැවත වරක් මම අවධාරණය කරනවා, සේවකයින්ගේ කිසිඳු වරප්‍රසාදයක් මම කප්පාදු කරන්නේ නැහැ. ඇත්තටම මේ ආයතනය බේර ගන්න ඕන නම් එහි වැඩි වගකීමක් සේවකයින්ට පැවරෙනවා. ඒ සඳහා සියලු සේවකයින්ගේ කැපවීම අවශ්‍ය වනවා” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya