සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් වැය කරන්න - ස්වදේශ කටයුතු අමාත්‍ය

    සැප්තැම්බර් 25, 2017
    දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා 2017 වර්ෂය වෙනුවෙන් ලැබී ඇති මුදල් ඉදිරි මාස කිහිපයේ දී වියදම් කර අවසන් කරන ලෙසත් තාක්ෂණික ගැටළු ඇත්නම් එවැනි ව්‍යාපෘති පිළිබඳ දැනුම් දී එම මුදල් වෙනත් සුදුසු ව්‍යාපෘති සඳහා යොදන ලෙසත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා දිසාපතිවරුන්ට දැනුම් දුන්නේය.
     
    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (25) කොළඹ මිලෝදා ආයතනයේ ශ්‍රවණාගාරයේ ආරම්භ වූ දිසාපති සමුළුවේ දී අදහස් දක්වමිනි. මෙම සමුළුව අද සහ හෙට(26) දෙ දින පුරා පැවැත්වේ. 
     
    ''මේ වර්ෂය රටක් හැටියට ඉතා අසීරු කාලයක් ගෙවා දැමූ වර්ෂයක් ලෙස හඳුන්වන්න පුළුවන්. පසුගිය කාලයේ රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 95ක් ගංවතුරෙන් පීඩාවට පත්වුණා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 117ක නියඟය දරුණු විදියට තිබුණා. රටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332න් 212ක් ස්වභාවික විපත් නිසා පීඩාවට පත්ව තිබෙනවා. මේ වගේ තත්ත්වයක් තුළ තමයි දිසාපතිවරුන්ට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න සිදු වුණා" යැයි ද කීය.
     
    "රට පුරා ඉදිකිරීම් විශාල ප්‍රමාණක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා රජය විශාල මුදලක් වැය කර තිබෙනවා. දැන් වසරේ අවසන් මාස කිහිපයට අපි ඇවිත් තියෙන්නේ. ඒ නිසා මම දිසාපතිවරුන්ට දැනුම් දෙන්න කැමතියි දැනට තමන්ගේ දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘති සඳහා මේ වර්ෂයට වෙන්ව ඇති මුදල් දෙසැම්බර් 31ට පෙර වියදම් කර අවසන් කරන්න. ඇතැම් ව්‍යාපෘතිවල තාක්ෂණික ගැටළු නිසා මුදල් වියදම් කිරීමේ ගැටළුල තියෙනවා. ඒ ව්‍යාපෘතිවලට ලැබුණු මුදල් නැවත භාණ්ඩාගාරයට යවන්නේ නැතිව වෙනත් ප්‍රයෝජනවත් ව්‍යාපෘතිවලට යොදවන්න පුළුවන් නිසා එවැනි ගැටළු ගැන ඉක්මණින් අමාත්‍යාංශයට දැනුම් දෙන්න" යැයි ද පැවසීය
     
    ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී දිසාපතිවරුන් හමුවේ කියා සිටියේ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති සඳහා අදාල සියලු ම ආයතන නිසි පරිදි සම්බන්ධීකරණය කරගනිමින් මෙම ව්‍යාපෘති අවසන් කිරීම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ වගකීමක් වන බවයි. එබැවින් මේ ගැන ඉදිරි මාස කිහිපයේ දැඩි අවධානයක් යොමු කරන්නැයි ද අමාත්‍යවරයා දිසාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. 
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya