මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුරයේ සාහිත්‍ය උත්සව රැසක්

    සැප්තැම්බර් 24, 2017

    සාහිත්‍ය මාසයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ විවිධ ආයතනයන් හි සාහිත්‍ය කලා උත්සව රැසක් මේ දිනවල පැවැත්වෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    එහි  විශේෂ උත්සව දෙකක් පසුගියදා අනුරාධර නැගෙනහිර නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී සහ තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් කර්යාලයේ දී පැවැත්විණී. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහ දිසාපති ආර්.එම් . වන්නිනායක මහතා සහ තවත් උසස් රාජ්‍ය නිලධාරීන් රැසකගේ ප්‍රධානත්වයෙනි.


    "නිවුණු මිනිසුන්ගෙන් යුත් පිංබර දේශයකට මංපෙත් තනාගැනීම" යන පොදු තේමා පාඨය ප්‍රධාන කොට ගෙන මෙම සාහිත්‍ය කලා උත්සව පැවැත්වේ. අදාළ සාහිත්‍ය උත්සව “ ප්‍රභාෂ්වර 2017 ,,  ලෙස නම්කර තිබේ.

    රාජ්‍ය නිලධාරීන්ගේ කලා කුසලතා එළි දැක්වීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර පසුගියදා පැවති උත්සවවල දී  කලා ක්ෂේත්‍රයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රවීනයන් රැසක් සම්මානයෙන් ද පිදුම් ලැබූහ.
     
    මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය ලබන 28 සහ 29 දිනවල රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya