අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැරණියගල මහායාය විද්‍යාලයට නව ගොඩනැගිලි සංකීර්ණයක්

    සැප්තැම්බර් 23, 2017
    සබරගමු පළාත් ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 41ක වියදමින් දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ අතිදුෂ්කර ප්‍රදේශයක පිහිටි දැරණියගල මහායාය විද්‍යාලය සඳහා  අංග සම්පූර්ණ  පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකරයි.
     
    එය  සිසු අයිතියට පැවරීම පසුගියදා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා විසින් සිදුවිය.
     
    මෙම විදුහල 1951 වර්ෂයේ දී ආරම්භ වී ඇති අතර විවිධ හේතු නිසා 2003 වර්ෂයේ දී වසා දමන ලදී. 2005 වර්ෂයේ දී සබරගමුව පළාත් සභාව මගින් ක්‍රියාත්මක කළ වැසී ගිය පාසැල් නැවත විවෘත කිරීමේ වැඩ සටහන යටතේ මෙම පාසැල නැවත විවෘත කරනු ලැබීය.
     
    පළමු වසරේ සි‍ට පහ වසර දක්වා පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයේ මේ වන විට දරු දැරියන් 360 පමණ අධ්‍යාපනය හදාරති.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya