අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාග් වෛද්‍ය විද්‍යාලීය සැලසුම ලබන දෙසැම්බරයේ ප්‍රකාශයට - සුව ඇමති

    සැප්තැම්බර් 23, 2017
    දකුණු ආසියාතික රටවල වෛද්‍ය විද්‍යාලය ඉදිකිරීමේ සැලසුම් දෙසැම්බර් මාසයේදී සකස් කර අවසන් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    කොළඹ පැවැති සාග් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සැසිවාරයේදී මෙම වෛද්‍ය විද්‍යාලය ඉදිකිරීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සාක් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසිනි. ඊට සෞඛ්‍ය අමාත්‍යවරයා පූර්ණ සහයෝගය පළ කළ අතර, එම වෛද්‍ය විද්‍යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලෙසට යෝජනා කළේය. ඒ අනුව එම වෛද්‍ය විද්‍යාලය මෙරට ස්ථාපිත කිරීමට අවධානය යොමු කර ඇති අතර, ඒ සඳහා මුදල් වෙන්කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. එම වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කිරීමෙන් පසු දකුණු ආසියාතික රටවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙරටට පැමිණ පහසු ගෙවීමේ ක්‍රම යටතේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ අවස්ථාව උදා වන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.
     
    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේ කළුතර මහ රෝහලේ පැවති රැස්වීමකදී ය.
     
    සෞඛ්‍ය සේවා කටයුතු සඳහා නව ගිලන් රථ 400 ක් ඉදිරි කාලයේදි ලබා ගන්න අතර ම කැබ් රථ 150 ක් ද ලබා ගන්නා බවත්  බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
     
    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා කටයුතුවලින් 55% ක් පෞද්ගලික අංශය විසින් සිදුකරන බවත්, රාජ්‍ය අංශය 45% ක් සිදුකරන බවටත් මතයක් පවතින නමුත් එහි කිසිඳු නිවැරදිතාවයක් නොවන බවත් රාජ්‍ය අංශය සෞඛ්‍ය සේවා කටයුතු සඳහා වැය කරන මුදල 55% ක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya