අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ උග‍්‍ර ජල හිඟයට නව පිළියමක්

    සැප්තැම්බර් 22, 2017
     
    යාපනය අර්ධද්වීපයේ පවතින දැඩි ජල හිඟයට පිළියම් ලෙස වර්ෂා ජලය ආරක්‍ෂාකර භාවිතයට ගැනීමේ නව ඉංජිනේරු සැලැසුමක් සහිත ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. 
     
    ව්‍යාපෘතිය යටතේ වඩමාරච්චි කලපුව ප‍්‍රදේශයේ වර්ග කිලෝමීටර 78ක ප‍්‍රදේශයක් තුළ වාර්ෂික වර්ෂාපතනයෙන් සියයට 20ක් පමණ ආරක්‍ෂාකර ගනිමින් භාවිතයට සුදුසු ලෙස යොදා ගැනීමට සැළැසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර වාරිමාර්ග අමාත්‍යංශයේ විශ‍්‍රාමික ලේකම් හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාමික අධ්‍යක්‍ෂකවරයෙකු වන විද්‍යාජෝති, ඉංජිනේරු ඒ.ඞී.එස් ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ මෙය ක‍්‍රියාත්මක වේ. අග‍්‍රාමාත්‍යවරයා විසින් පත්කළ උතුරු පළාත් සංවර්ධන කමිටුව සහ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මගින් ව්‍යාපෘතියේ ප‍්‍රගතිය අධීක්‍ෂණය කරයි.
     
    වසර ගණනාවක් පුරාම මෙම ප‍්‍රදේශයේ වාර්ෂිකව මිලි මීටර 1250ක පමණ වර්ෂාපතනයක ජලය දැඩි වාෂ්පීකරණය නිසා අපතේ යන අතර මේ වන තුරු කිසිදු රජයකින් ඒ සඳහා ක‍්‍රියාමාර්ගයක් රැගෙන නොතිබීම කණගාටුවකි. ලන්දේසී සහ ඉංගීසි ආණ්ඩු සමය තුළ ඔවුන් මෙම ප‍්‍රදේශයේ ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා තරමක උත්සහයක් දරා ඇති අතර පසු කාලීනව විශේෂඥයන් විසින් අනාවරණය කරනු ලැබු වැදගත් කරුණක් වනුයේ පාලිත තත්වයන් යටතේ මෙම කලපු ජලය නැවත ක්‍ෂාරීය කළ හැකි බවයි. 
     
    පසුගිය සමය තුළ දී ඊශ‍්‍රාලය, ඇමරිකාව, ජර්මනිය සහ  ඕස්ට්‍රේලියාව ආදී රටවලින් පැමිණි විශේෂඥයන් විසින් යාපනය ජල අර්බුදයට වඩමාරච්චි කළපුවෙන් පිළියම් සෙවීමට උත්සහ කළ අතර ඒ සියල්ල අසාර්ථක වීමෙන් පසු ශ්‍රී ලාංකීය ඉංජිනේරු මහාචාර්යවරයෙකු වන ආර්. කේ. ගුගනේෂ්රාජා මහතා ඉදිරිපත් කළ විශිෂ්ට ඉංජිනේරු සංකල්පයක් යටතේ වාෂ්පීකරණය අවමවන ලෙස කලපුවේ වර්ෂා ජලය රැකගැනීමට මෙම නව ව්‍යාපෘතිය සිදුකරයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya