මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලේ මාර්ග නීති කඩකරන්නන් ඇල්ලීමට සී.සී.ටී.වී.

    සැප්තැම්බර් 21, 2017

    බදුල්ල කොට්ඨාස රථවාහන අංශයේ යතුරුපැදී ඒකකයේ යතුරුපැදිවල ආරක්ෂිත කැමරා සවිකිරීමට බදුල්ල පොලිස් කොට්ඨාස රථවාහන අංශය පියවර ගෙන ඇති බව බදුල්ල පොලිස් කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.එම්.පියරත්න මහතා පැවසීය.

    මාර්ග නීති කඩකරමින් වාහන ධාවනය කරන්නන් සහ මාර්ගය ආශ්‍රිතව සිදුවන විවිධ වැරදි හඳුනාගැනීමේ පහසුව උදෙසා මෙය ක්‍රියාත්මක කරනු ලබන බව ඒ මහතා සඳහන් කළේය.

    විශේෂයෙන් ඇතැම් රියදුරන් අතින් සිදුවන රථවාහන වැරදි ප්‍රතික්ෂේප කරන අවස්ථාවලදී සාක්ෂියක් ලෙස මෙන්ම අල්ලස් ගැනීම වැනි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් වෙත එල්ලවන  චෝදනා සනාථ කරගැනීම වැනි අවස්ථාවලදි මෙම ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී වන බව පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

    බදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya