අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආදායම්ලාභී පවුල්වලට මිලියන 4කට ආසන්න “ ජනසෙවණ” නිවාස ආධාර

    ජූලි 06, 2014

    අලුතින් නිවසක් ඉදිකර ගැනීමට හෝ නිවසක් අලුත්වැඩියා කර ගැනීමට කිසිදු ආකාරයකින් හැකියාවක් නොමැති දිවයිනේ තවත් අඩු ආදායම්ලාභී  පවුල් 42ක් වෙත රුපියල්  තිස්හත් ලක්ෂ හැත්තෑ දහසක නිවාස මූල්‍යාධාර ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී සිදුකෙරිණ.


    “ මහින්ද චින්තන ඉදිරි දැක්ම ” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන ජන සෙවණ නිවාස දස ලක්ෂයේ  ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ මෙම නිවාස ආධාර පිරිනැමීය. රත්මලාන, ගල්කිස්ස, කොස්ගම, මීරිගම, ගම්පහ, හංවැල්ල, පුවක්පිටිය, පාදුක්ක, හෙයියන්තුඩුව යන ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභී අසරණ පවුල්  සඳහා නිවාස මූල්‍යාධාර මෙදින ප්‍රදානය කෙරිණි. මේ සඳහා මූල්‍යාධාර ලබාදෙන ලද්දේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  “ සෙවණ” අරමුදල මගිනි.

     

    ජීවත්වීමට සුදුසු නිවාස නොමැති මෙම පවුල් වෙත නිවාස ඉදිකරගැනීමට සහ අලුත්වැඩියා කරගැනීම සඳහා උපකාරී වීම සම්බන්ධයෙන්  මෙහිදී මෙම පවුල්වල සාමාජිකයෝ ජනාධිපතිතුමාටත්, විමල් වීරවංශ අමාත්‍යවරයාටත් සිය ස්තූතිය පළ කර සිටියහ.මෙම අවස්ථාවට කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන ලියනගේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු, ප්‍රතිලාභීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya