අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාපාකඩ සිට ඉඟුරුඔය දක්වා සංවර්ධනය කරන ලද මාර්ගය ජනතා අයිතියට පත් කෙරේ

    ජූලි 06, 2014

    නාවලපිටිය මැතිවරණ බල ප්‍රදේශයේ දෙකිඳ, මාපාකඩ සිට ඉඟුරුඔය දක්වා සංවර්ධනය කරන ලද මාර්ගය ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදු කෙරිණ.



    ජපන් සහයෝගීතා අරමුදල සහ මධ්‍යම පළාත් මහා මාර්ග විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ රුපියල් ලක්ෂ 968ක වියදමින් මෙම මාර්ගය කාපට් අතුරා ඉදිකොට තිබේ. ඉඟුරුඔය ග්‍රාමයට පිවිසෙන මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව නාවලපිටිය ඩිපෝවෙන් නව බස් රථයක් එම ගම්මානයට නිල වශයෙන් එම අවස්ථාවේදී යොදන ලදී. නාවලපිටිය සිට ඉඟුරුඔය දක්වා ධාවනය වන එම ලංගම බස් රථය දිනකට ගමන්වාර 08ක් ධාවනය වීමට නියමිතය.

    මෙම ගම්මානයට නිසි මාර්ගයක් නොතිබුණු බැවින් නාවලපිටියේ සිට පැමිණෙන ගම්මුන් මාපාකඩ සිට කිලෝමීටර් පහක දුරක් පයින් ගමන් කොට ඉඟුරුඔය ග්‍රාමය වෙත පැමිණිය යුතු වේ. නාවලපිටිය ආසනයේ දුෂ්කරතම ගම්මානය වන්නේ ද ඉඟුරුඔය ග්‍රාමයයි.

     

    මෙම විවෘත කිරීමේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිතයා වශයෙන් අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා සහභාගි විය.
     

    මෙම අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍යතුමා පැවසුවේ, “රජය ගෙන යන සංවර්ධනාත්මක වැඩපිළිවෙළ බිඳ දැමීමට උත්සහ කරන විපක්ෂයේ ඇතැම් පිරිස් ඒ සඳහා විවිධ රටවල සහයෝගය ලබා ගනිමින් සිටින බවයි.

     

    විපක්ෂය මෙන්ම රජයේ සංවර්ධන වැඩපිළිවෙළ විවේචනය කරන්නන් විදේශයන්ගෙන්  වරප්‍රසාද ලබා ගන්නා බවත් ඔවුන්ට මෙරට සැබෑ සංවර්ධනය අවබෝධ කර ගැනීමේ හැකියාවක් නැතැයි ද අග්‍රාමාත්‍යතුමා කීවේය.
     

    මාර්ගය විවෘත කිරීම හා ලංගම බස් රථය මාර්ගයේ නිල වශයෙන් ධාවනය කිරීමෙන් පසු ඉඟුරුඔය කණිෂ්ඨ විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති ජන හමුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා තව දුරටත් පැවසුවේ,  “අද බොහෝ දෙනෙක් මේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ විවේචනය කරනවා. මාර්ග කාපට් කරන විට එයට විවිධ අපවාද නගනවා. නමුත් ඔවුන් පටු අරමුණුවලින් ක්‍රියා කරන නිසා රජයේ සැබෑ සංවර්ධන වැඩපිළිවෙළ  අවබෝධ කර ගැනීමේ හැකියාවක් නැහැ. ඇතමුන් රජය විවේචනය කරමින් ජාත්‍යන්තරයේ සහයෝගය පවා ලබා ගන්නවා. මේ නිසා අද ශ්‍රී ලංකාවට දෙස් විදෙස් බලවේග රැසකට මුහුණදීමට සිදුව තිබෙනවා .

    කවුරු කුමන අපවාද නැගුවද ශ්‍රී ලංකාව අද සීග්‍රයෙන් දියුණු වෙමින් යනවා. නමුත් ඇතමුන් ප්‍රශ්න කරාවි රට සංවර්ධනය වුවද එහි ප්‍රතිලාභ තවම අපට ලැබෙන්නේ නැහැ කියා. සංවර්ධනයේ ප්‍රතිලාභ ක්ෂණයකින් ලැබන්නේ නැහැ. එය ජනතාවට ලැබීමට ක්‍රමානුකූලව කාලයක් ගත වෙනවා. වී වැපූරු පමණින් අස්වැන්න ලබා ගත හැකි වන්නේ නැහැ. අස්වැන්න නෙළීමට කාලයක් මෙන්ම ඒ සඳහා අදියර කිහිපයක් පසු කළ යුතුයි. සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාව වෙත ලැබීමට කාලයක් මෙන්ම අදියර කිහිපයක් පසු කිරීමට සිදුවෙනවා. නමුත් ලංකාව ලැබූ සංවර්ධනයේ ප්‍රතිලාභ නුදුරේදීම අපට අත්විඳිය හැකියි.

     

    රටේ සංවර්ධනය ඉවසිය නොහැකි පිරිස් රට අභ්‍යන්තර වශයෙන් ද බාහිර වශයෙන්ද ගැටුම් කරා යොමු කරවීමට උත්සහ දරනවා. සිංහල මුස්ලිම් අතර මෙන්ම සිංහල දෙමළ ජාතිකයන් අතර මෙවැනි ගැටුම් ඇති කිරීමට ඇතැම් පිරිස් මෑතක සිට කටයුතු කරන බව පැහැදිලිවම දැකිය හැකියි. නමුත් බුද්ධිමත් සහ නියම නායකයෙක් වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂා මැතිතුමා කිසිදු විටක ඒ බලවේගයන්ගේ ග්‍රහණයට හසු වන්නේ නැහැ. කවුරු කුමක් කීවද රට ශක්තිමත් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කරනවා.
     

    ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, මධ්‍යම පළාත් මහා මාර්ග විදුලිබල හා බලශක්ති අමාත්‍ය එදිරිවීර වීරවර්ධන, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අලුත්ගමගේ වීරසිංහ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගීව සිටියහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya