සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා පොළක් මහනුවරදී

    සැප්තැම්බර් 18, 2017

    ජාතික තරුණ සේවා සභාව, මහනුවර දිස්ත්‍රික් වෘත්තිය මාර්ගෝපදේශ අංශය හා මධ්‍යම පළාත් සභාව එක්ව පවත්වනු ලබන රැකියා පොළක්  ලබන 21 දින පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා පොල්ගොල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානායේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.


    රැකි රක්ෂා ලබාදීම සහ ස්වයං රැකියා සඳහා යොමු කිරීම මුල් කොට ගෙන පවත්වනු ලබන මෙම රැකියා පොළේදී අධ්‍යාපන, වෘත්තීය පුහුණු සහ ව්‍යාපාර සදහා ණය පහසුකම් ලබාදීම ඇතුළු තවත් සේවාවන් රැසක්ද සැපයීමට කටයුතු යොදා ඇත. මෙම රැකියා පොළේදී රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පෞද්ගලික අංශයේ ආයතන රැසක් සඳහා බදවා ගැනීම් සිදු කිරීමට නියමිතය.

    රැකියා අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් තමන් සතු අධ්‍යාපන සහතික සහ අනෙකුත් සහතිකද සමඟ එදින පෙ.ව. 8.30 ට පොල්ගොල්ල තරුණ සේවා පුහුණූ මධ්‍යස්ථානයට පැමි‍ණිය යුතු බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙනු ලැබේ. මේ පිළිබද වැඩිදුර විස්තර 0812 494 237 හෝ 0812 499 500  යන දුරකතන අංක ඔස්සේ ලබා ගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya