අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මින් ඉදිරියට වයඹ පළාතේ දරුවන්ට ඉගෙන ගන්න මුදල් නෑ කියලා අඬන්න වෙන්නේ නෑ

    ජූලි 06, 2014
    මින් ඉදිරියට වයඹ පළාතේ දරුවන්ට ඉගෙන ගන්න මුදල් නෑ කියලා අඬන්න වෙන්නැති බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
     

     අමාත්‍යවරයා ඒ බව පැවසුවේ පසුගියදා වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති 2012/2013 වසරවල සාමාන්‍ය පෙළ අඩු ප්‍රතිඵල ලබාගත් දරුවන් 400ක පමණ පිරිසක් වෙනුවෙන් සංවිධානය කර තිබූ මාර්ගෝපදේශන වැඩසටහනකට එක්වෙමිනි.

     මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, “අපේ පළාතේ වයඹ සංවර්ධන අධිකාරියත් වෘත්තීය පුහුණු අධිකාරියත් සමඟ එක්වෙලා "Carrier Guidance Center" ඇති කරලා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අඩු ප්‍රතිඵල තියන දරුවන්ටත් ආර්ථික අපහසුතා තියන දරුවන්ටත් වෘත්තීය අධ්‍යාපනය ලබන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.” 
     
    එම අවස්ථාවට දේශකවරුන් ලෙස EPIC ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක වන නයන දෙහිගම, කොළඹ විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජිත් ජයවර්ධන යන මහත්වරු ද වයඹ ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න, කුරුණෑගල කලාපයේ විදුහල්පතිවරු සහ පාසල් ගුරුවරු ඇතුළු පිරිවෙන්හි සිසු දරුවන් විශාල පිරිසක්ද සම්බන්ධ වී සිටියහ.

     ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya