මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රඹෑව කොකටියගොල්ලෑවට කෝටි තුනක වියදමින් නව පාලමක්

    ජූලි 06, 2014

    රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක් යා කෙරෙන කොකටියගොල්ලෑව පාලම රුපියල් කෝටි තුනක වියදමින් නවීකරණය කිරීමට පියවර ගැනේ.
     
    නව පාලමේ වැඩ කටයුතු ආරම්භ කිරීම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණ.
     
    කොකටියගොල්ලෑව වාන් ඇළ හරහා මීට පෙර තිබූ පැරණි පාලම මේ වන විට ඉතා අබලන් තත්ත්වයේ පවතින අතර වර්ෂා කාලයේ දී වාන් ඇළ උතුරා යන විට ප්‍රදේශයේ ජනතාවට විශාල ප්‍රවාහන අපහසුතාවන්ට මුහුණදීමට සිදුවිය.ඒ අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දිවයිනපුරා කඩිනමින් පාලම් දහසක් ඉදිකිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙම පාලම ඉදිකෙරේ.මේ අනුව කොකටියගොල්ලෑව ඇතුළු එම ප්‍රදේශයේ ජනතාව මැදවච්චිය සහ කැබිතිගොල්ලෑව නගර සහා මීට පෙර විශාල දුරක් ගෙවා ගිය නමුත් නව පාලම ඉදිකිරීම නිසා එම දුෂ්කරතාවන්ගෙන් ද මිදීමට ජනතාවට හැකි වෙයි.
     
    විශේෂයෙන් ගොවිතැන් කටයුතු සිදුකරන මාසවල අස්වැන්න ප්‍රවාහනය කිරීමේ දී මෙන්ම කෘෂි කාර්මික යන්ත්‍රසූත්‍ර  එහා මෙහා ගෙනයාමට ද ගොවි ජනතාවට මීට පෙර විශාල වෙහෙසක් දැරීමට සිදුවිය.
     
    ජාති, ආගම්, කුල, දේශපාලන ආදී කිසිදු භේදයකින් තොරව සියලු ජනතාවට සමසේ භුක්තිවිඳිය හැකි විශාල සංවර්ධනයක් රට තුළ සිදුවෙද්දී මේ රටේ විපක්ෂය ජාති, ආගම් භේද පතුරුවමින් ආණ්ඩු පිහිටුවීමට නිරර්ථක උත්සහයක යෙදී ඇතැයි මෙහි දී අදහස් දැක්වූ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා ප්‍රකාශ කළේය.
     
    විපක්ෂය අකමැති ම වචනය වන්නේ සංවර්ධනය යන්නයි. ජනතාවට සෙතක් වෙනවට අකැමැති ලෝකේ එකම විපක්ෂය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ යි. මේ රටේ බුද්ධිමත් ජනතාව සිටින තුරු විපක්ෂයේ පටු අරමුණු ඉටුවන්නේ නැතැයි ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා වැඩිදුරටත් පැවසීය.
     
    ඉතා පිටිසර ගම්බද පාලමක් ඉදිකිරීමට පවා මෙතරම් විශාල මුදලක් වැයකර තිබීම ගමට, නගරයට කියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සංවර්ධනයේ වෙනසක් නැති බව සනාථ කිරීමක් බව මෙහි දී අදහස් දැක්වූ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.රටට විශාල ආදායමක් ගෙනෙන වරාය, අධිවේගී මාර්ග, ගුවන් තොටුපළ වැනි අංශ වැඩි දියුණු කර තිබීම ගැන විපක්ෂය මුනිවත රකින ගමන් අඩුපාඩුවක් ඇත්දැයි වැඩියෙන් සොයා බලන බව ද අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ.එච්. නන්දසේන, උතුරුමැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා කල්යානි කරල්ලියද්ද යන මහත්ම මහත්මීහු ද මෙහි දී අදහස් දැක්වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya