මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර පිච්ච මල් පූජාව අද

    ජූලි 05, 2014
    ශාන්ති පදනම විසින් විසිපස්වැනි වරටත් සංවිධානය කරනු ලබන අනුරාධපුර පිච්ච මල් පුජාව අද (05) ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්වේ.
     
    අද පස්වරු 1.00 ට පිච්චමල් රැගත් මහා පෙරහර ථුපාරාම චෛත්‍ය අභියසින් ආරම්භ පස්වරු 4.30 ට ශ්‍රී මහා බෝ මළුවට පැමිණීමට නියමිත අතර ඉන් අනතුරුව ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පිච්ච මල් පූජා වැඩසටහන පැවැත්වේ. රාත්‍රී 8.00ට පෙරහර රුවන්වැලි මහා සෑ රඳුන් ප්‍රදක්ෂිණා කර රාත්‍රී 10.00ට වන්දනා වැඩසටහන හා ජය පිරිත් සජ්ඣායනය ආරම්භ කරනු ඇත.
     
    හෙට (06) අලුයම කිරිපිඬු හා පලතුරු පූජාව ද පෙරවරු 9.00ට භාවනා වැඩසටහන ද පවත්වා දහවල් මහා සංඝරත්නය හමුවේ සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමෙන් අනතුරුව ජාතික පිච්ච මල් පුජෝත්සවය නිමාවනු ඇත.
     
    අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ආශිර්වාදයෙන් ශාන්ති පදනමේ සභාපති කොටපොළ අමරකිත්ති හිමියන්ගේ අනුශාසනා මත මෙම පිච්ච මල් පුජාව පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya