මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සකොසාන් 10වැනි අන්තර් කලාපීය කමිටු රැස්වීම අද සිට

    සැප්තැම්බර් 11, 2017
    සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු සමුළුවේ (සකොසාන්) 10වැනි අන්තර් කලාපීය කමිටු රැස්වීම අද (11) සිට ලබන 13දා දක්වා කොළඹ ඔසෝ හෝටලයේ දී පැවැත්වේ. 
     
    මෙහි ආරම්භක සැසිවාරිය නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.
     
    මෙහි ප්‍රධාන දේශකයා වශයෙන් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහභාගි වේ.
     
    නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය හා දකුණු ආසියානු කලාපීය සනීපාරක්ෂක මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන මෙම කලාපීය රැස්වීම සඳහා සාර්ක් කලාපීය රටවල නියෝජිතයන් සහ සනීපාරක්ෂක කටයුතු සංවර්ධනය සඳහා ආධාර සපයන යුනිසෙෆ් සහ ලෝක බැංකුව යන ආධාර ආයතනවල නියෝජිතයින්ද සහභාගිවීමට නියමිතය.
     
    2008 වසරේ ඉන්දියාවේ දී පැවැත්වූ සනීපාරක්ෂක පිළිබඳ 03වන දකුණු ආසියානු සමුළුවේ දී නිකුත් වූ දිල්ලි ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමර්ෂනය කිරීම, සනීපාරක්ෂාව පිළිබඳ න්‍යාය පත්‍රය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා කලාපයේ එක් එක් රටවලින් සිදුකරන ලද දේශපාලනමය පොරොන්දු නැවත අවධාරණය කිරීම, සනීපාරක්ෂාව සඳහා එක් එක් රටට සුවිශේෂි වූ හා කලාපීය රාමු බෙදාහදා ගැනීම, කලාපයේ සනීපාරක්ෂක න්‍යාය පත්‍රයේ ව්‍යාප්තිය ඉහළ නැංවීම යනාදි කරුණු මෙම රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya