මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "එගොඩ උයන" මහල් නිවාස ලබන 12 ජනතා අයිතියට

    ජූලි 05, 2014
    රුපියල් ලක්ෂ 165ක වියදමින් වසර ගණනාවකට පසු මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කෙරුණු මොරටුව එගොඩ උයන මහල් නිවාස සංකීර්ණය ලබන12 වැනිදා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ. 
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක "ජනසෙවණ", "නගමු පුරවර" වැඩසටහන යටතේ මෙම මහල් නිවාස සංකීර්ණය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කොට ඇත.
     
    මහල් 4 බැගින් වූ ගොඩනැගිලි 4කින් සමන්විත මෙම නිවාස ව්‍යාපෘතියේ සමස්ත නිවාස ගණන 64කි. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 18ක පමණ මුදලක් වැය කොට ඇත. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම මහල් නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරේ.
     
    මෙම මහල් නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලබන්නේ වසර 15කට පසුව වීම විශේෂත්වයකි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya