මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර පරිසර නීති කි‍්‍රයාත්මක කිරීමේ කමිටු රැස්වීම 08දා

    ජූලි 05, 2014
    මාතර දිස්ත‍්‍රික්කයේ පරිසර සංරක්ෂණය හා සම්බන්ධ විවිධ පරිසර ගැටලු හා පරිසර නීති ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන මාතර දිස්ත‍්‍රික් පරිසර නීති කි‍්‍රයාත්මක කිරීමේ කමිටු රැස්වීම මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ලබන 08 වැනිදා පෙරවරු 11. 45ට මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
     
    පරිසර නීති ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලු සාකච්ඡා කිරීම, මාතර දිස්ත‍්‍රික්කයේ ඩෙංගු අවදානම පිළිබඳව සාකච්ඡා කිරීම, වන සුරැකුම් කමිටු පිළිබඳව සාකච්ඡා කිරීම සහ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් ඉදිරිපත්වන ගැටලු ආදිය මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ය.
     
    මේ අවස්ථාවට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ම නියෝජනය වන පරිදි සියලුම ප‍්‍රදේශීය ලේකම්වරුන් ඇතුළු පරිසර ක්ෂේත‍්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් සහ පරිසර සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya