මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොනරාගල පවුල් 250කට මිලියන 35ක නිවාස මූල්‍යාධාර

    ජූලි 05, 2014
    මොනරාගල දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභී පවුල් 250ක් වෙනුවෙන් රුපියල් මිලියන 35ක් වටිනා "ජන සෙවණ" නිවාස මූල්‍යාධාර ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (06) පස්වරු 1.30ට මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදු කිරීමට නියමිතය.
     
    මෙයට සමගාමීව තවත් ප්‍රතිලාභී පවුල් 50ක් සඳහා හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම ද, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ICTAD) මඟින් පුහුණුව ලබා ගත් වඩු හා පෙදරේරු කාර්මික ශිල්පීන් 150 දෙනෙකු සඳහා සහතිකපත්‍ර ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කිරීමට නියමිතය.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක "ජනසෙවණ" නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව මෙම මූල්‍යාධාර, ඔප්පු හා සහතිකපත් ප්‍රදානය සිදු කෙරේ.
     
    වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි ද සොයිසා, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමතිනී සුමේධා ජී. ජයසේන, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය දේශපාලඥයින්, ප්‍රතිලාභීන් හා  ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya