මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ගොවීන්ට සහන රැසක්

    ජූලි 05, 2014
    කෘෂිකර්ම අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන ජාතික ගොවි සතිය හා කෘෂිකාර්මික ප්‍රදර්ශනයට සමඟාමීව රන් අස්වනු ගෙනෙන කොරටු - බිම්වල් වගාවෙන් දිවියට සවියක් වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ කොරටු වගාවේ සහ බිම්මල් වගාවේ නියුතු ගොවීන් 10,000ක් කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක කර ඇත.
     
    මෙලෙස අමාත්‍යංශය යටතේ ලියාපදිංචි වන බිම්මල් වගා කරනු ලබන ගොවීන් සඳහා බිම්මල් වගා කිරීමේ නවීන තාක්ෂණික උපදෙස් ලබාදීම, බීජ පහසුකම් ලබාදීම, බිම්මල් වගාව පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහන් හා බිම්මල් වගා කිරීමට අවශ්‍ය උපකරණ හා යෙදවුම් මිලදී ගැනීම සඳහා ණය පහසුකම් ලබාදීමට නියමිතය.
     
    කොරටු වගාවේ නියුතු ගොවීන් සඳහා ද කාබනික පොහොර භාවිතයෙන් වස විස නැති එළවළු වගා කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් යටිතල පහදසුකම් හා ආරක්ෂිත ගෘහ තුළ වගා කර සරු අස්වැන්නක් ලබාගැනීම සඳහා ආරක්ෂික ගෘහ ලබාදීම සඳහා ණය ආධාර සැපයීම ආදී වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු සූදානම් කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya