මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර ජනතාවට නීත්‍යනුකූල ලියකියවිලි ලබාදීමට ජංගම සේවා

    ජූලි 04, 2014

    මඩකළපුව, කෝරළේපත්තු ජනතාවට නීත්‍යනුකූල ලියකියවිලි ලබාදීම සදහා රාජ්‍ය භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය හා උතුරු වාකර ප්‍රාදේශීය සභාව ඒකාබද්ධව සංවිධානය කරන ලද ප්‍රාදේශීය ජංගම සේවයක් ඊයේ (03) උදෑසන මාන්කේනි රෝමාණු කතෝලික විද්‍යාල භූමියේදී පැවැත්විණ.


    ප්‍රාදේශීය ලේකම් එස්.එම්. රාගුලනායකී මෙහි මුලසුන දැරීය. රාජ්‍ය භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශ දිස්ත්‍රික් සංවර්ධන මහ ලේකම් වී. චන්ද්‍රකුමාර්, මාන්කේනි රෝමාණු කතෝලික විද්‍යාලයේ විදුහල්පති කේ. නවරත්නම්, කෝරළේපත්තු ග්‍රාම නිලධාරීතුමා ඇතුළු පළාත් සභා හා ප්‍රාදේශීය සභා නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක් වූහ.


    මෙම ප්‍රාදේශීය ජංගම සේවාව මඟින් උප්පැන්න සහතික, මරණ සහතික හා හැඳුනුම්පත් ලබා දීම සිදු විය. 300කට වැඩි පිරිසක් මෙහිදී තම අවශ්‍යතා ඉටු කරගන්නා ලදී.


    මීට සමගාමීව, භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය මගින් මෙම ප්‍රාදේශීය ජංගම සේවාව ජූලි 08 වන දින පන්නිච්චන්කේනි ග්‍රාම නිලධාරී කාර්යාලයේදී, ජූලි 10 වන දින කුන්චන්කේනි හා ජූලි 15 වන දින පල්සේනයි රෝමාණු කතෝලික විද්‍යාලයේදීද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    SDF/LDA_dmu_batty

    Social Intigration Ministry Mobile 1

    Social Intigration Ministry Mobile 2

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya