මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ව්‍යවස්ථාව ගැන මාතර සිවිල් සංවිධාන දැනුම්වත් කිරීම හෙට

    අගෝස්තු 24, 2017

    යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන දැනුම්වත් කිරීමේ වැඩසටහනක් හෙට (25) පෙ.ව. 9.00 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසුම් කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා, ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ අතිරේක ලේකම් රාජ්‍ය නීතිඥ යුරේෂා ප්‍රනාන්දු මහත්මිය, කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදීකා දමයන්ති මහත්මිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසුම් කමිටුවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් ජයරත්න මහතා මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයති.

     

    මාතර දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya