මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුගේගොඩ හා කොළඹ විහාරස්ථාන දෙකකට ආධාර

    ජූලි 04, 2014
    නුගේගොඩ, ගංගොඩවිල සමාධි විහාරස්ථානයේ අබිනවයෙන් ඉදිකිරීමට යෝජිත විහාර මන්දිරයේ ඉදිකිරීම් කටයුතු හා කොළඹ 15, බ්ලූමැන්ඩල් පාර සිරි නන්දනාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් හාර ලක්ෂ හැත්තෑ දහසක මූල්‍යාධාර ප්‍රදානය කෙරේ.
     
    මෙම මූල්‍යාධාර ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම අමාත්‍යංශයේ දී සිදුකෙරිණි.
     
    විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම මූල්‍යාධාර සඳහා අනුග්‍රහය ලබාදෙන ලද්දේ පංචායුධ පදනම විසිනි.
     
    වසර 60කට ආසන්න කාලයක් පැරණි නුගේගොඩ, ගංගොඩවිල සමාධි විහාරස්ථානය අඩු පහසුකම් යටතේ පවතින විහාරස්ථානයකි. විහාරස්ථානයේ පැරණි ධර්ම ශාලාව හා සංඝාවාසය මේ වන විට අබලන් තත්ත්වයේ පසුවන බැවින් ශාසනික කටයුතු සිදුකිරීමේදී දුෂ්කරතාවන් මතුවේ.
     
    මේ පිළිබඳව අවධානය යොමු කළ විමල් විරවංශ අමාත්‍යවරයා විසින් මෙම විහාරස්ථානයේ අබිනවයෙන් ඉදිකිරීමට යෝජිත සියලු විහාර අංග සහිත සිව්මහල් විහාර මන්දිරයේ ඉදිකිරිම් කටයුතු සඳහා රුපියල් ලක්ෂ 3ක මුදලක් ප්‍රදානය කරන ලදී.
     
    මීට අමතරව කොළඹ 15, බ්ලූමැන්ඩල් පාර, සිරි නන්දනාරාම විහාරස්ථ, සිරි නන්දන රාජසිංහ දහම් පාසලේ පුස්තකාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් එක් ලක්ෂ හැත්තෑ දහසක මූල්‍යාධාර ප්‍රදානය කිරීම ද මෙදින සිදුකෙරිණ. වර්ෂ 1994 දී ආරම්භ කළ මෙම දහම් පාසලේ මේ වන විට  ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 80 දෙනෙක් දහම් අධ්‍යාපනය හදාරති.
     
    මෙම මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ අවස්ථාවට කොළඹ 15, සිරි නන්දනාරාම විහාරස්ථානයේ විහාරාධිපති කොග්ගල සමාධි හිමි, ගංගොඩවිල සමාධි විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති මැඩිල්ලේ ප්‍රඥාලෝක හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya