මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලිමංකඩ ලුණු ලේවාය නවීකරණය යුද හමුදාව භාරගනී

    ජූලි 04, 2014

    ශ්‍රී ලංකා යුද හමුදාව ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘතියෙහි තවත් එක් යෝධ පියවරක් ලෙස සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමත්‍යාශයෙහි ඉල්ලීමකට අනුව පසුගිය ත්‍රස්තවාදී  ක්‍රියා හමුවේ  විනාශ වී ගිය අලිමංකඩ ලුණු ලේවාය නැවත නගාසිටුවීම සඳහා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.


    මේ අනුව 1980 වකවානුවේ එල්ටීටීඊ ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ විනාශ වු අලිමංකඩ ලුණු ලේවාය  නැවත නගාසිටුවීම සඳහා  සාම්ප්‍රදායික කර්මාන්ත හා  කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය සහ  ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ  ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ක්‍රියා කරයි.


    මෙම අලිමංකඩ ලුණු ලේවාය නැවත පිහිටුවීමෙන් පසු උතුරේ තරුණයින් 2000කට පමණ රැකියා අවස්ථා සැලසේ.


    සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ සහයෝගය අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායකගේ මග පෙන්වීම යටතේ කිළිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ පුර්ණ අධීක්ෂණය යටතේ මෙම ලුණු නිෂ්පාදනාගාරය නගාසිටුවීම සදහා අවශ්‍ය මුලික වැඩකටයුතු කිළිනොච්චි ආරක්ෂක සේනාවේ භට පිරිස් සිදු කරති.

     

    Army Begins Extraction of Water to Reactivate Elephant Pass Salt


    මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහ කිළිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී  බ්‍රිගේඩියර් සී.එම්.ඩී.පී. චන්ද්‍රෙස්කර ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම ලුණු ලේවාය  නැවත ඉදිකරන අයුරු  නිරීක්ෂණය සඳහා පසුගිය බදාදා සංචාරයක නිරත විය. 18 වන ගජබා රෙජිමේන්තු හමුදා සාමාජිකයන් 18 දෙනෙකු දිවා රාත්‍රී මුර දෙකකට මෙම  ලුණු ලේවාය මුහුදු ජලයෙන් පිරවීම සඳහා  අදාළ කටයුතු කරමින් සිටිති. මෙම ලුණු ලේවායට අවශ්‍ය මුහුදු ජලය නැවත පුරවා එය පිළිසකර කිරීමේ කටයුතු  මාසයක් ඇතුළත සම්පුර්ණයෙන් සිදු කර මෙහි ලුණු නිෂ්පාදන කටයුතු සිදුකිරීම සඳහා සාම්ප්‍රදායික කර්මාන්ත හා  කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය වෙත භාර දීමට නියමිතය.


    කුරුන්වාඉතිව් උතුරු ප්‍රදේශය සහ දකුණු ප්‍රදේශය  යා කරමින් අක්කර 1946 ක් පුරා පැතිරී ඇති අලිමංකඩ ලුණු ලේවාය අවුරුද්දකට ලුණු මෙට්රික් ටොන්  60000ත් 80000ත් අතර ප්‍රමාණයක් ලබා දුන් අතර, 1980 දශකයේ මැද භාගයේ දී සිදු වු  එල්ටීටීඊ ත්‍රස්ත ක්‍රියා හමුවේ එහි ක්‍රියාකාරීත්වය බිඳ වැටුණි.

     

    HC/pics: Army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya