මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොකු ලූනු බීජ ප්‍රවර්ධන වැඩසටහනක් පොලොන්නරුවේ

    ජූලි 03, 2014

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන දේශීය වශයෙන් බීජ ප්‍රවර්ධනය කිරීමේ සතියට සමගාමීව ක්‍රියාත්මක කරනු ලැබූ ලොකු ලූනු බීජ ප්‍රවර්ධන වැඩසටහනක් ඊයේ (02) පොලොන්නරුව බීජ ගොවිපොළේදී ආරම්භ කෙරිණි.

    දැනට ලොකු ලූනු බීජ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බවත් ඒ සඳහා විශාල මුදලක් දැරීමට සිදු වන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (බීජ) ඩබ්.කේ. ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

    වර්තමානයේ ලොකු ලූනු බීජ කිලෝවක වෙළෙඳපොළ වටිනාකම රුපියල් 16,000ත් 17,000ත් අතර මුදලක පවතී. මේ තත්ත්වය මඟහරිමින් දේශීයව බීජ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා බීජ සඳහා ලොකු ලූනු වගාව සිදු කරන බව ද ඔහු සඳහන් කළේය.

    ආරම්භක වැඩසටහනට සමගාමීව පොලොන්නරුව බීජ ගොවිපොළේ ලොකු ලූනු බල්බ කිලෝ 2000ක් රෝපණය කිරීමට ද කටයුතු කෙරිණි. 

    මෙමඟින් පොලොන්නරුව දිස්ත්‍රිකකයේ දැනට ප්‍රචලිත වෙමින් පවතින ලොකු ලූනු වගාවට අවශ්‍ය බීජ ප්‍රමාණය දිස්ත්‍රික්කය තුළින් ම ගොවීන්ට ලබාදීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    මේ අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya