මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතරට ගැළපෙන ශ‍්‍රම බලකායක් ගොඩනැගීමට ඒකාබද්ධ යාන්ත‍්‍රණයක්

    ජූලි 03, 2014
    මාතර දිස්ත‍්‍රික්කයේ රැකියා සපයන රාජ්‍ය හා පෞද්ගලික ආයතන, රාජ්‍ය හා පෞද්ගලික වෘත්තීය පුහුණු ආයතන එක්ව ඒකාබද්ධ යාන්ත‍්‍රණයක් සකස් කිරීම තුළින් වැඩ ලෝකයට සුදුසු ශ‍්‍රම බලකායක් ගොඩනගා ගැනීම සඳහා පවතින ගැටලු හඳුනාගැනීම හා සාකච්ඡා කිරීම සඳහා පවත්වන වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන පසුගියදා මාතර - වල්ගම හේමාලි උත්සව ශාලාවේදී පැවැත්විණි.

    රැකියා වෙළෙඳපොළ තුළ රැකියා අවස්ථා බහුලව පැවතිය ද ඒ සඳහා යොමුවීම අවම මට්ටමක පවතින බැවින් හා අදාළ තනතුරුවලට ගැළපෙන ශ‍්‍රමිකයන් සොයා ගැනීම මහත් ගැටලුවක් වී ඇති බැවින් මෙම පියවර ගෙන ඇත.

     

    රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන්ගේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුවීම, රජයේ රැකියාවක් ම අපේක්‍ෂා කිරීම, රැකියාවක් පිළිබඳ ඉලක්කයක් නොමැති වීම, පුහුණු ශ‍්‍රමික හිඟය, ඇතැම් පාඨමාලාවල පිළිගැනීම අවමවීම, වෘත්තීය පුහුණු  ක්ෂේත‍්‍ර කිහිපයකට පමණක් වැඩි ඉල්ලුමක් පැවතීම, වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් මඟින් දැනුවත් කිරීම් පුළුල් කළ යුතුවීම, රැකියා ආයතනගත ගැටලු හා රැකියා සපයන ඇතැම් ආයතන තම සේවකයන් ආයතනයේ රඳවා ගැනීම සඳහා ඔවුන් අභිපේ‍්‍රරණය නොකිරීම ආදී ගැටලු රාශියක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

     

    මේ අවස්ථාවට ආයතන 40කට ආසන්න ප‍්‍රමාණයක් සහභාගි වූ අතර ඉදිරියේදී තවත් ආයතන සමඟ සාකච්ඡා පවත්වා වෘත්තීය පුහුණුව ලබාදීමේ සිට රැකියාව ස්ථිර කිරීම දක්වා ඒකාබද්ධ යාන්ත‍්‍රණයක් සකස් කිරීමට කටයුතු කරන බව මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය රැකියා සේවා මධ්‍යස්ථානයේ මානව සම්පත් සංවර්ධන සහකාර දීප්ත රෝහණ මහතා පැවසීය.

     

    ඵලදායිතා ප‍්‍රවර්ධන අමාත්‍යාංශයේ මිනිස්බල හා රැකීරක්‍ෂා දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය රැකියා සේවා මධ්‍යස්ථානය හා ප‍්‍රජා ශක්ති සංවර්ධන පදනම එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.

     

    NDH/TI- dmu matara

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya